මිලියන 800ක වත්කම්වලට එරෙහිව මර්වින්ට අධිචෝදනා

සිය නීත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට අද (06) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාරදෙනු ලැබූ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?