උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් මණ්ඩතිව් දකුණු වෙරළ ප්රදේශයේ අද (08) සිදුකළ මුර සංචාරයක දී මුහුදු වෙරළ ආසන්නයේ තිබූ කුඩා කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා තොගයක් හමුව තිබෙනවා.
පරීක්ෂා කිරීම්වල දී මෙම කේරළ ගංජා තොගය පාර්සල් 22ක් තුළ අසුරා තිබිය දී මෙලෙස සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මෙම ගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට යාපනයට රැගෙන ආ බවටයි සැකපළ කරන්නේ.
මෙලෙස සොයාගත් කේරළ ගංජා තොගය කිලෝග්රෑම් 85යි ග්රෑම් 450ක බරකින් සමන්විත වන අතර, එම තොගයේ වටිනාකම රුපියල් රුපියල් මිලියන 28 කට ආසන්න වනවා.



ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













