මිලියනයකට වඩා වටිනා කේ.ජී සමග හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් අල්ලයි

මිලියනකට අධික වටිනාකමකින් යුතු ගංජා තොගයක් සමඟ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අද (13)දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශය හා මාතර විශේෂ පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදු කල වැටලීමකදීයි.

මෙම සැකකරු විසින් කිළිනොච්චි ප්‍රදේශයේ සිට මාතර දක්වා ගංජා රැගෙන ඒමෙන් අනතුරුව විකිණිම් කටයුතු සිදු කරන බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව කේරළ ගංජා කිලෝ 3ක් තිබී ඇති අතර මෙම මිලියනකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගය ඉතා සූක්‍ෂමව කිළිනොච්චියේ සිට මාතර දක්වා බස් රථයකින් ප්‍රවාහනය කර ඇති බවයි.

මොහු 2005 වර්ෂයේදී ආරක්‍ෂක අංශ වල අත්අඩංගුවට පත්ව වසර කිහිපයක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා ගෙන ඇති අයෙක්.

අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරු පිළිබද ඉදිරි විමර්ශන කටයුතු මාතර විශේෂ පොලිස් කොට්ඨාසය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මොළකරු ඉක්මණින් එළියට එනවා - බයවෙන්න එපා
13:24
Video thumbnail
ස#රාන්ට උඩින් කෙනෙක් හිටියා - සාක්ෂි තියෙනවා
02:09
Video thumbnail
හිඟුරක්ගොඩ මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුර - තිදෙනෙකු රෝහලේ
01:09
Video thumbnail
පාස්කු ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නෙමෙයි - කුමන්ත්‍රණයක්
12:44
Video thumbnail
මම මුස්ලිම් නිසා මාව ස#රාන් එක්ක පටලවන්න හදනවා - මුජිබුර්ට යකා නගී
15:15
Video thumbnail
උත්සව සමයේදි ජල සීමා කිරීමක් වෙයිද ?..වැසි වර්ධනය වුණොත් අප්‍රේල් 15 වෙනකොට අත්හිටුවන්න පුළුවන්
04:05
Video thumbnail
සජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
25:17
Video thumbnail
මේක විපක්ෂයක් නෙමෙයි විපත්තියක්
10:25
Video thumbnail
වැල්ලම්පිටියේ වෙළඳ සැලක් අළුකළ මහ ගින්න - ගන්න දෙයක් නෑ - ඔක්කොම විනාශයි
00:57
Video thumbnail
බංකලොත් කාලේවත් තෙල් මිල මෙච්චර මිල වැඩි වුණේ නෑ
06:24