spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියනයකට වඩා වටිනා කේ.ජී සමග හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් අල්ලයි

මිලියනකට අධික වටිනාකමකින් යුතු ගංජා තොගයක් සමඟ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අද (13)දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශය හා මාතර විශේෂ පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදු කල වැටලීමකදීයි.

මෙම සැකකරු විසින් කිළිනොච්චි ප්‍රදේශයේ සිට මාතර දක්වා ගංජා රැගෙන ඒමෙන් අනතුරුව විකිණිම් කටයුතු සිදු කරන බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව කේරළ ගංජා කිලෝ 3ක් තිබී ඇති අතර මෙම මිලියනකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගය ඉතා සූක්‍ෂමව කිළිනොච්චියේ සිට මාතර දක්වා බස් රථයකින් ප්‍රවාහනය කර ඇති බවයි.

මොහු 2005 වර්ෂයේදී ආරක්‍ෂක අංශ වල අත්අඩංගුවට පත්ව වසර කිහිපයක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා ගෙන ඇති අයෙක්.

අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරු පිළිබද ඉදිරි විමර්ශන කටයුතු මාතර විශේෂ පොලිස් කොට්ඨාසය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?