AFC Banner
AFC Banner
Empty Ad

මිල්ලණියේ දී පුද්ගලයෙක් ගං වතුරට බිලි

මිල්ලණිය, හල්තොට ප්‍රදේශයේ දී ගං වතුරට හසු වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා අද (11) පස්වරුවේ හල්තොට බෝධිය අසළ දී සැඩ පහරට හසුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගං වතුරට හසු වූ පුද්ගලයාගේ මළ සිරුර අද පස්වරුවේ ම සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබී ඇති අතර, සොයාගත් මළ සිරුර හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට එය එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?