AFC Banner
Empty Ad
Empty Ad

මිරිහාන සිදුවීම ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

මිරිහාන, පැඟිරිවත්ත ප්‍රදේශයේදී සිදු වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිසිදු සැකකරුවෙකු මියගොස් නොමැති බව පොලීසිය පවසනවා.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවන අසත්‍ය තොරතුරක් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව සදහන් කළේ.

පොලීසිය පවසන්නේ පසුගිය 31 වෙනිදා මිරිහාන ප්‍රදේශයේ සිදු වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල්ගතව සිටියදී මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරක් ප්‍රචාරය වෙමින් පවතින බවයි.

එම සිද්ධියේදී පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින කිසිදු සැකකරුවෙකු මියගොස් නොමැති බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?