මිරිස්ස යුධ පිටියක් කළ කට්ටිය අල්ලයි – දෙන්නෙක් පැනලා (වීඩියෝ)

වැලිගම මිරිස්ස සංචාරක හෝටලය අසළ වෙරළ තිරයෙදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් තිදෙනෙක් ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයේ බිම් කොටසක් සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසු ඊයේ (16)දින උදෑසන සංචාරක හෝටල් හිමියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණා.

එහිදී එම ප්‍රදේශයේම පදිංචි සංචාරක ව්‍යාපාරිකයකු සහ ඔහුගේ පුත්‍රයකු තවත් සංචාරක ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස ජීවිතක්ෂයට පත් වුණේ 38 හැවිරිදි මිරිස්ස පෙම් උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි සෙල්ලා හැන්නදිගේ සුරංග නොහොත් බාල සුරංග නැමැත්තායි.

ඔහු මාකඳුර මධූෂ්ගේ ගෝලයෙකු බව පැවසෙන සන්ෂයින් සුද්දාගේ සමීපතමයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පැවසුවා.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධව මේ වන විට කාන්තාවන් තිදෙනෙක් ඇතුලු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි අයෙක්.

සැකකාරියන් වයස අවුරුදු 18, 40 සහ 55 යන වයස්වල පසුවන මිරිස්ස සහ අහංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40
Video thumbnail
වෙනස්ම සුභ පැතුමක් දුන්න ගම්මන්පිල.."සුභවේවා කිව්ව පමණින් සුභ වෙන්නේ නෑ"
01:11
Video thumbnail
මල් වෙ#වලින් මුළු අහසම වර්ණවත් වුණ ගාලුමෝදර..මිනිස්සු ජය ඝෝෂා නගමින් නව අවුරුද්ද පිළිගයි
00:58
Video thumbnail
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කතරගම දෙවිඳුගෙන් ආශීර්වාද ලබා ගන්න එයි
01:13
Video thumbnail
බෙන්තර සංචාරක කලාපයේ 2026 අලුත් අවුරුඩදු උදාව සමරපු හැටි
01:21


?