AFC Banner
Empty Ad
Empty Ad

මිය යන රෝගීන් ආදාහනයට ඉඩ මදි නිසා නවදිල්ලියේ උද්‍යානත් ආදාහනාගාර බවට පත්වෙයි

ඉන්දියාවේ දිගින් දිගටම මිය යන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ එරට ආදාහනගාරයන්ද දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.

එයට හේතුව වී ඇත්තේ මිය යන පිරිස් ආදාහනය කිරීමට තරම් ඉඩකඩ සහ පහසුකම් නොමැති වීමයි.

නවදිල්ලි බලධාරීන් විසින් මෙම අර්බුදය සඳහා විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටින අතර ඔවුන් විසින් නවදිල්ලි නුවර ඇති උද්‍යාන තුළ තාවකාලික ආදාහනාගාර ඉදි කිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම පූජා උත්සව පවත්වන භූමිද තාවකාලික ආදාහනාගාර ඉදි කිරීම සඳහා යොදාගෙන ඇති අතර කම්කරුවන් විසින් දිවා රාත්‍රීය නොබලා එම ආදාහනාගාර පහසුකම් නිර්මාණය කිරීමේ යෙදී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උද්‍යාන ආදාහනාගාර බවට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?