AFC Banner
AFC Banner
Empty Ad

මියන්මාර මිනිස් ජාවාරම්කරුවන් ග්‍රහණයේ සිටි ලාංකිකයින් 27ක් දිවයිනට

මියන්මාර මිනිස් ජාවාරම්කරුවන් ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙක් අද (16) දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, අතර කාන්තාවන් අටදෙනෙකු ද සිටි බවයි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 405 යානයෙන් පැමිණි මෙම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර තවත් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසට විෂය භාර අමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබාදී තිබෙනවා.

නව රජය පත් වීමෙන් පසු මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 63ක් දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?