මියගිය මාළු තොගයක් මුන්දලමට ගොඩ ගසයි (ඡායාරුප)

මුන්දලම කලපුවේ මසුන් විශාල ප්‍රමාණයක් මිය යමින් සිටින බව එම ප්‍රදේශයේ ධීවරයින් පවසනවා.

මෙම තත්ත්වය ඊයේ (06) දින දහවල් කාලයේ සිට දකින්නට ලැබුණු බවයි මුන්දලම ශාන්ත ජේමිස් ධීවර සමිතියේ සභාපති මර්තීණු ප්‍රනාන්දු සදහන් කළේ.

මුන්දලම කලපුව භාවිතා කරමින් 1000කට අධික ධීවරයින් පිරිසක්ද, ඒ ආශ්‍රිත රැකියා කරන විශාල ප්‍රමාණයක්ද සිටිනවා.

මිය ගිය ලොකු කුඩා මසුන් ලක්ෂ ගනනක් කිලෝ මීටර් 03 ක් පමණ දුරට කලපු තීරයට ගොඩ ගසා ඇති ආකාරයක් දක්නට ලැබෙන බව ද අප වාර්තාකරු පැවසුවා.

මෙහිදී වෙරළට ගොඩ නොගැසූ මිය ගිය මසුන් විශාල ප්‍රමාණයක් කලපුව තුළ සිටින බවත්,ඊයේ (06) දින රාත්‍රීයේ යොදන
ලද දැල් වලට එම මාළුන් පැටලී සිටින බවත් ධීවරයින් ප්‍රකාශ කළා.

දැල් වලට පැටලී ඇති මාළු මිය ගොස් තිබෙන බැවින් එම සතුන් අලවි කිරීමට නොහැකි බවද, වෙරළට ගොඩ ගසා ඇති මසුන් නරක් වීමට පටන් ගෙන ඇති නිසා විශාල පාරිසරික හානියක් සිදු වෙමින් පවතින බවද ධීවරයින් කියා සිටියා.

පසුගිය වසරේද මේ ආකායට මුන්දලම කලපුව තුළ මසුන් මිය ගොස් ඇති අතර ඒ පිලිබදව නාරා ආයතනය පරීක්ෂණයක්ද පත්වනු ලැබුවා.

කලපුවේ ඔක්සිජන් හිග වීම හේතුවෙන් මෙය සිදුව ඇති බව එම ආයතනය සදහන් කළ බව ශාන්ත ජේමිස් ධීවර සමිතියේ සභාපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් සත්‍ය ලෙසම මෙම හානිය සිදුවී ඇත්තේ කලපුව අවට ඇති ඉස්සන් ගොවිපල වලින් ඉවත් කරන අපද්‍රව්‍ය කලපුවට එකතුවීම නිසා බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.

කුඩා මසුන් මිය යාම හේතුවෙන් වසර කීපයකට මුන්දලම කලපුවේ නැවත රැකියාව කිරීමට තමන්ට නොහැකි වන බවද ධීවරයින් පැවසුවා.

02 2
04 1
01
05 1
09 1
07 1
06 1
10
08 1
14
15 1
16
11 2
13
17
19
20
21
22 1
18
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
1
+1
3
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29