මියගිය පුද්ගලයෙකුගේ දේහය ගෙදරට ගෙනවිත් දිනකට පසු පොලිසිය ඇවිත් ආපහු රෝහලට ගෙනියලා (වීඩියෝ)

මියගිය පුද්ගලයෙකුගේ දේහය රෝහලේ සිට නිවසට ගෙනවිත් දිනකට පසු යළිත් පොලිසිය පැමිණ දේහය රෝහල වෙත රැගෙන ගිය පුවතක් කලවාන, බෝපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 05 වනදා කලවාන, බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් දෙල් කැඩීමට ගොස් ගසෙන් වැටී බරපතළ තත්ත්වයෙන් පොතුපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව එම රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්නපුර රෝහලට මාරුකර යවා ඇති අතර, ඔහු එම රෝහලේ දින 20ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 25 වනදා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලස මියගොස් ඇත්තේ චමින්ද කුමාර නැමැති වයස අවුරුදු 46ක තිදරු පියෙක්.

පසුව රෝහල විසින් මිය ගිය පුද්ගලයාගේ දේහය ඔහුගේ ඥාතීන්ට භාරදී ඇති අතර, අනතුරුව එම්බාම් කටයුතු ද සිදුකර දේහය නිවසට ගෙනවිත් තිබෙනවා.

අනතුරුව පෙරේදා (26) දිනයේ පොලිසියෙන් නිවසට පැමිණ යළි මෘත දේහය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය බවයි පවසා ඇත්තේ.

දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බව එම නිලධාරීන් ඥාතීන්ට පවසා ඇති අතර, මියගිය පුද්ගලයාගේ බිරිඳ පවසා ඇත්තේ සැමියාගේ මරණය පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවයි.

කෙසේ වෙතත් පොතුපිටිය පොලිසිය අධිකරණයෙන් ලබාගත් නියෝගයක් සහිතව දේයට යළිත් කලවාන රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ පිළිබඳව ඥාතීන් අදහස් දක්වමින් සඳහන් කළේ මෙලෙස මරණයක් රැගෙනයාමටත් නැවත රැගෙන ඒමටත් ආර්ථික තත්ත්වයක් තමන්ට නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
4
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?