මියගිය පුද්ගලයෙකුගේ දේහය ගෙදරට ගෙනවිත් දිනකට පසු පොලිසිය ඇවිත් ආපහු රෝහලට ගෙනියලා (වීඩියෝ)

මියගිය පුද්ගලයෙකුගේ දේහය රෝහලේ සිට නිවසට ගෙනවිත් දිනකට පසු යළිත් පොලිසිය පැමිණ දේහය රෝහල වෙත රැගෙන ගිය පුවතක් කලවාන, බෝපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 05 වනදා කලවාන, බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් දෙල් කැඩීමට ගොස් ගසෙන් වැටී බරපතළ තත්ත්වයෙන් පොතුපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව එම රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්නපුර රෝහලට මාරුකර යවා ඇති අතර, ඔහු එම රෝහලේ දින 20ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 25 වනදා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලස මියගොස් ඇත්තේ චමින්ද කුමාර නැමැති වයස අවුරුදු 46ක තිදරු පියෙක්.

පසුව රෝහල විසින් මිය ගිය පුද්ගලයාගේ දේහය ඔහුගේ ඥාතීන්ට භාරදී ඇති අතර, අනතුරුව එම්බාම් කටයුතු ද සිදුකර දේහය නිවසට ගෙනවිත් තිබෙනවා.

අනතුරුව පෙරේදා (26) දිනයේ පොලිසියෙන් නිවසට පැමිණ යළි මෘත දේහය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය බවයි පවසා ඇත්තේ.

දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බව එම නිලධාරීන් ඥාතීන්ට පවසා ඇති අතර, මියගිය පුද්ගලයාගේ බිරිඳ පවසා ඇත්තේ සැමියාගේ මරණය පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවයි.

කෙසේ වෙතත් පොතුපිටිය පොලිසිය අධිකරණයෙන් ලබාගත් නියෝගයක් සහිතව දේයට යළිත් කලවාන රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ පිළිබඳව ඥාතීන් අදහස් දක්වමින් සඳහන් කළේ මෙලෙස මරණයක් රැගෙනයාමටත් නැවත රැගෙන ඒමටත් ආර්ථික තත්ත්වයක් තමන්ට නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
4
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17