AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දික අනුරුද්ධගේ නිවසත්, ජන ගඟක් වටලයි

ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාගේ මීගමුවේ පිහිටි නිවස මේ වනවිට ජනතාව විසින් වටලා තිබෙනවා.
ඊයේ දිනයේදීත් ඔහුට මරදගහමුල ප්‍රදේශයේදී දැඩි විරෝධයක් එල්ලවුණා.

ඒ වගේම පසුගිය කාලයේදී ඔහුගේ ලේකම්වරයෙක් කොටදෙණියාව ප්‍රදේශයේදී පහරදීමක්ද සිදුකළා.

පොලිස් නිලධාරීන්ට සිය දේශපාලන හයිය භාවිත කරමින් කාලයක් තිස්සේ බලපෑම් කරමින් තම බලය පැතිරූ අයෙක් ලෙස ජනතාව ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාව හදුන්වා තිබුණා.

කෙසේ වෙතත් ඔහුගේ බලපෑම් හමුවේ පොලිස් නිලධාරීන්ට නීතිය පවා හරිහැටි කරගෙන යාමට නොහැකිව තිබූ බවයි ප්‍රදේශවාසීන් අදහස් දැක්වූයේ.

ඊයේ ඇතිවූ සිදුවීම වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා විසින් පැවසුවේ මේවා මාධ්‍යයට අදාල නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?