AFC Banner
Empty Ad
Empty Ad

මිනිසුන්ට තර්ජනයක්වන නව වෛරසයක් චීනයෙන්

කිනිතුල්ලන් දෂ්ඨ කිරීමෙන් මිනිසුන්ට පැතිරී යා හැකි නව වෛ‍රසයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා.

මෙම වෛරසය WELV ලෙසයි නම් කර තිබෙන්නේ.

2019 වර්ෂයේ ජුනි මාසයේදී ජින්ෂෝ නගරයේ 61 හැවිරිදි රෝගියෙක් විසින් මෙය ප්‍රථම වරට හඳුනාගෙන ඇති අතර ඔහු මොංගෝලියාවේ තෙත්බිම්වල කිනිතුල්ලන් දෂ්ට කිරීමෙන් දින පහකට පසු රෝගී වී තිබුණා.

The New England Journal of Medicine හි පළ වූ වාර්තාවකට අනුව එම රෝගියාට උණ, හිසරදය සහ වමනය, ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධී රෝග ලක්ෂණ ඇතිව තිබෙනවා.

WELV අයත් වන්නේ කිනිතුල්ලන් මගින් සම්ප්‍රේෂණය වන වෛරස් සමූහයකට වන අතර එය ක්‍රිමියානු-කොංගෝ රක්තපාත උණ වෛරසයට සමාන තත්ත්වයක් පෙන්නුම් කරමින් මිනිසුන් අතර දරුණු වෛරස තත්ත්වයක් ඇති කළ හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මීයන් පිළිබඳ රසායනාගාර පරීක්ෂණ මගින් පෙන්නුම් කර ඇත්තේ, WELV මාරාන්තික ආසාදන ඇති කළ හැකි අතර ස්නායු පද්ධතියට ප්‍රබලව බලපෑම් කළ හැකි බවයි.

ඇතැම් අවස්ථාවල දී WELV මෘදු විය හැකි නමුත්, විශේෂයෙන් මොළය සම්බන්ධ බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට එම වෛරසයට හැකියාව පවතින බව පර්‍යේෂණ මගින් හෙළි වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?