මිනිසුන්ට තර්ජනයක්වන නව වෛරසයක් චීනයෙන්

කිනිතුල්ලන් දෂ්ඨ කිරීමෙන් මිනිසුන්ට පැතිරී යා හැකි නව වෛ‍රසයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා.

මෙම වෛරසය WELV ලෙසයි නම් කර තිබෙන්නේ.

2019 වර්ෂයේ ජුනි මාසයේදී ජින්ෂෝ නගරයේ 61 හැවිරිදි රෝගියෙක් විසින් මෙය ප්‍රථම වරට හඳුනාගෙන ඇති අතර ඔහු මොංගෝලියාවේ තෙත්බිම්වල කිනිතුල්ලන් දෂ්ට කිරීමෙන් දින පහකට පසු රෝගී වී තිබුණා.

The New England Journal of Medicine හි පළ වූ වාර්තාවකට අනුව එම රෝගියාට උණ, හිසරදය සහ වමනය, ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධී රෝග ලක්ෂණ ඇතිව තිබෙනවා.

WELV අයත් වන්නේ කිනිතුල්ලන් මගින් සම්ප්‍රේෂණය වන වෛරස් සමූහයකට වන අතර එය ක්‍රිමියානු-කොංගෝ රක්තපාත උණ වෛරසයට සමාන තත්ත්වයක් පෙන්නුම් කරමින් මිනිසුන් අතර දරුණු වෛරස තත්ත්වයක් ඇති කළ හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මීයන් පිළිබඳ රසායනාගාර පරීක්ෂණ මගින් පෙන්නුම් කර ඇත්තේ, WELV මාරාන්තික ආසාදන ඇති කළ හැකි අතර ස්නායු පද්ධතියට ප්‍රබලව බලපෑම් කළ හැකි බවයි.

ඇතැම් අවස්ථාවල දී WELV මෘදු විය හැකි නමුත්, විශේෂයෙන් මොළය සම්බන්ධ බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට එම වෛරසයට හැකියාව පවතින බව පර්‍යේෂණ මගින් හෙළි වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12