මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ගවලට ඉතාලියේ සහාය

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමටත්, ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා මහත්මිය (Rita G. Mannella) කැමැත්ත පළ කර තිබෙනවා.

ඉතාලි තානාපතිනිය මේ බව සඳහන් කළේ අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී යි.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

දෙරට අතර සංස්කෘතික වැඩසටහන් හුවමාරුව, සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම, ආයෝජන අවස්ථා ඉහළ නැංවීම මෙන්ම මෙම අසීරු අවස්ථාවේ ඉතාලියෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30