මිතුරාට ගෙල වැලලා ගැනීමට උපදෙස් දී මියගිය පසු නාඩි බලා පයින් ගැසු මිතුරා

හික්කඩුව ප්‍රදේශයේ පාසලක ගෙල වැලලාගෙන වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙක් සියදිවි නසා ගෙන තිබෙනවා

එම මරණය වැළැක්වීමට උත්සාහ නොකිරීම සහ ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගැනීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ යහළුවෙකු අත්අඩංගුවට ගැනුණා

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කරන ලද මියගිය ළමයා සමඟ කාමරයේ සිටි එම යහළුවා 13 වැනි දින දක්වා කිතුලම්පිටිය රිමාන්ඩ් ළමා නිවාසයේ රඳවා තැබීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කර තිබෙනවා

මෙසේ රිමාන්ඩ් ළමා නිවාසයේ රඳවා තැබීමට නියෝග කරනු ලැබුවේ 16 හැවිරිදි පිරිමි ළමයෙක් .

සැකකාර ළමයා මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබාගන්නා ලෙසටද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා

ඉකුත් 31 වැනි දින සවස සැකකාර ළමයා සමඟ කාමරයේ සිටි ඇඹිලිපිටිය යෝධ ඇළ පදිංචි  ළමයෙක් මෙලෙස කමිසයෙන් ජනේලයේ එල්ලී මියගොස් තිබුණා

පසුදින උදේ සිද්ධිය වාර්තා වීමත් සමග ගාල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් ගොස් විද්‍යාත්මක සාක්කි එක්රැස් කරනු ලැබූ අතර ගාල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හික්කඩුවේ පිහිටි එම පාසලට සහ කරාපිටිය රෝහලට ගොස් මූලික පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියෝගකර තිබෙනවා

ඒ අනුව කරාපිටිය රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරා මහතා විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර ගෝනපීනුවල පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබුවා

පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් වැඩිදුරටත් කියා සිටියේ සැකකාර ළමයා සහ මියගිය ළමයා ඉකුත් 24 වැනි දින සිට 31 වැනි දින දක්වා නිරෝධායනය කිරීම සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයේ අංක 01 කාමරයේ රඳවා පිටතින් ඉබි යතුරු දමා ඇති බවයි .

එසේ රඳවා සිටියදී 31 වැනි දින සවස හතරේ සිට සැකකාර ළමයා මියගිය ළමයාට විවිධ අඩන්තේට්ටම් කර ඇති බවත් පසුව මියගිය ළමයා ජනේලයේ කමිසය එල්ලා තොණ්ඩුව සාදා ගත්තත් එය බෙල්ලට දාගෙන නොමැතිව ඇඳ යට සිට ඇති බවත් සී.සී.ටී.වී. දර්ශන අනුව පෙනී යන බවත් පොලිසිය සඳහන් කර සිටියා

පසුව සැකකරු මියගිය ළමයාට බලපෑම් කරන බවත් ඒ අනුව ළමයා නැඟිට තොණ්ඩුව බෙල්ලට දාගෙන ඇති බවත් සැකකරු එම අවස්ථාවේ සී.සී.ටී.වී. දර්ශන පථයෙන් ඉවත්ව ටික වේලාවකින් එල්ලෙමින් තිබූ සිරුරට ඇඟිල්ලෙන් ඇන නාඩි අල්ලා බලා පසුව කොසු මිටකින් පහරදී ගැටේ ලිහන බවත් එවිට බිම වැටුණු සිරුරට පයින් ගසා ඇදගෙන යන ආකාරයත් සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව ඇති බවත් එයට අමතරව තවත් සංවේදී දර්ශන ඇති බවත් පොලිසිය කියා සිටියා

පසුව පාලකයන් පැමිණ අපස්මාරය සෑදී ඇතැයි සිතා මියගිය ළමයා රෝහලට ගෙනගොස් තිබෙනවා

මියගිය ළමයා අපස්මාර රෝගයටත් සැකකාර ළමයා මානසික රෝගයටත් බෙහෙත් ගන්නා බවට අනාවරණය වී ඇති බවත් පොලිසිය කියා සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09