මිතුරාගේ යතුරුපැදියෙන් අවසන් ගමන් ගිය රුසිරු

කලවාන – රත්නපුර මාර්ගයේ කරවිට ප්‍රදේශයේ ඊයේ (23) සිදු වූ රිය අනතුරකින් 22 හැවරිදි තරුණයක් මියගොස් ඇති බව නිවිතිගල පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කරවිට ප්‍රදේශයේ පදිංචි ටී.එම් රුසිරු හංසක නැමති විසි දෙක හැවරිදි තරුණයෙක් බවත් ඔහු මිතුරක්ගෙන් යතුරු පැදිය ඉල්ලාගෙන රත්නපුර දෙසට ගමන් කර ඇති අතර කලවාන දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයක ගැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුරට පත් යතුරුපැදිකරු වතුපිටිය රෝහලට ඇතුළත් කිරිමට පියවර ගෙන ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
76
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?