මිචල් ස්ටාර්ක්ගේ නම ඉදිරියේ අමිහිරි එක්දින වාර්තාවක් (වීඩියෝ)

ලියම් ලිවින්ග්ස්ටන් නොදැවී රැස්කළ ලකුණු 62ත් සමඟ ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (27) ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු 186ක දැවැන්ත ජයක් හිමිකර ගන්නට එංගලන්තය සමත් වුණා.

මෙම ජයත් සමඟ තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 02-02ක් ලෙස සම තත්ත්වයට රැගෙන එන්නට එංගලන්තයට හැකියාව ලැබුණා.

2018 වසරේ දී ට්‍රෙන්ට් බ්‍රිජ්හිදී ලැබූ ලකුණු 242ක දැවැන්ත ජයග්‍රහණයෙන් පසු එක්දින තරගයක දී එංගලන්තය, ඕස්ට්‍රේලියාව පරාජය කළ දෙවන විශාලතම ලකුණු සංඛ්‍යාව මෙය වනවා.

මේ අතර එක්දින තරගයක දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙක් පන්දු වාරයක දී ලබාදුන් ඉහළම ලකුණු සංඛ්‍යාවේ අමිහිරි වාර්තාව මෙම තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මිචල් ස්ටාර්ක්ගේ නම ඉදිරියේ ලියවුණා.

එංගලන්ත ඉනිමේ 39 වන පන්දුවාරය යැවූ මිචල් ස්ටාර්ක් එම පන්දුවාරය තුළ ලකුණු 28ක් ප්‍රතිවාදී එංගලන්තයට ලබා දුන්නා.

මිචල් ස්ටාර්ක් යැවූ එම පන්දුවාරයට එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවින්ග්ස්ටන් හයේ පහර 04ක් සහ හතරේ පහරක් සමඟ (6,0,6,6,6,4) මෙම ලකුණු 28 රැස් කළා.

මේ අතර මෙම තරගයේ දී මිචල් ස්ටාර්ක් පන්දුවාර 08ක් යවා ලකුණු 70ක් ප්‍රතිවාදී එංගලන්තය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53