මැලේසියාව ශ්‍රී ලංකාවට ගුවන් ගමන් වැඩි කරයි

මැලේසියාවේ ජාතික ගුවන් සේවය වන මැලේසියන් එයාර්ලයින්ස් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමක් මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් පිළිගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මැලේසියන් එයාර්ලයින්ස් අතිරේක ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර තවත් ගුවන් සමාගම් දෙකක් වන එයාර් ඒෂියා සහ බතික් එයාර් ද ක්වාලාලම්පූර් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

වාර්ෂිකව සංචාරකයන් මිලියන 70ක් මැලේසියාවට පැමිණෙන බවත් අතිරේක ගුවන් ගමන් හඳුන්වා දීමෙන් ඔවුන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගත හැකි බවත් මැලේසියානු මහ කොමසාරිස්වරයා සඳහන් කළා. බටහිර සහ නැගෙනහිර අතර දැවැන්ත ගමනාගමනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන ගුවන් සේවා මධ්‍යස්ථානයක් විය හැකි බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර, වර්ධනය වන සංචාරක කර්මාන්තයට අමතරව ශ්‍රී ලංකාවේ නව ආයෝජන ක්ෂේත්‍රවලට පිවිසෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මැලේසියානු ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියා.

අඟහරුවාදා අරලියගහ මන්දිරයේදී මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් ඇඩම් මහතා අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කර තිබෙනවා.

රුපියල් බිලියනයකට ආසන්න ඖෂධ සහ වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මැලේසියාවේ රජයට සහ ජනතාවට ස්තූතිය පුද කරනු ලැබුවා.

මෑතකදී, මැලේසියාව පිළිකා රෝගීන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළත් මැලේසියානු රිංගිට් (MYR) 63,000 (ආසන්න වශයෙන් USD 14,645) වටිනා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කළා.

දෙරට අතර ඉහළ මට්ටමේ සම්බන්ධතා, ඓතිහාසික සම්බන්ධතා, මිනිසුන් අතර සබඳතා, භූගෝලීය සමීපත්වය සහ ගැඹුරු වන මිත්‍රත්වය පිළිබඳ සඳහන් කරමින් මැලේසියානු මහ කොමසාරිස්වරයා පැවසුවේ ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව වැඩි කිරීමට තම රජය අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලාංකිකයින්ට මැලේසියාවේ රැකියා 10,000ක් ලබාදීම සම්බන්ධයෙන් මැලේසියානු රජයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා නිෂ්පාදන අංශය, හෙද සේවය වැනි නව ක්ෂේත්‍ර රැකියා ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48