Empty Ad
AFC Banner
Empty Ad

මැලේසියාව ශ්‍රී ලංකාවට ගුවන් ගමන් වැඩි කරයි

මැලේසියාවේ ජාතික ගුවන් සේවය වන මැලේසියන් එයාර්ලයින්ස් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමක් මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් පිළිගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මැලේසියන් එයාර්ලයින්ස් අතිරේක ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර තවත් ගුවන් සමාගම් දෙකක් වන එයාර් ඒෂියා සහ බතික් එයාර් ද ක්වාලාලම්පූර් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

වාර්ෂිකව සංචාරකයන් මිලියන 70ක් මැලේසියාවට පැමිණෙන බවත් අතිරේක ගුවන් ගමන් හඳුන්වා දීමෙන් ඔවුන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගත හැකි බවත් මැලේසියානු මහ කොමසාරිස්වරයා සඳහන් කළා. බටහිර සහ නැගෙනහිර අතර දැවැන්ත ගමනාගමනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන ගුවන් සේවා මධ්‍යස්ථානයක් විය හැකි බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර, වර්ධනය වන සංචාරක කර්මාන්තයට අමතරව ශ්‍රී ලංකාවේ නව ආයෝජන ක්ෂේත්‍රවලට පිවිසෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මැලේසියානු ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියා.

අඟහරුවාදා අරලියගහ මන්දිරයේදී මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් ඇඩම් මහතා අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කර තිබෙනවා.

රුපියල් බිලියනයකට ආසන්න ඖෂධ සහ වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මැලේසියාවේ රජයට සහ ජනතාවට ස්තූතිය පුද කරනු ලැබුවා.

මෑතකදී, මැලේසියාව පිළිකා රෝගීන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළත් මැලේසියානු රිංගිට් (MYR) 63,000 (ආසන්න වශයෙන් USD 14,645) වටිනා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කළා.

දෙරට අතර ඉහළ මට්ටමේ සම්බන්ධතා, ඓතිහාසික සම්බන්ධතා, මිනිසුන් අතර සබඳතා, භූගෝලීය සමීපත්වය සහ ගැඹුරු වන මිත්‍රත්වය පිළිබඳ සඳහන් කරමින් මැලේසියානු මහ කොමසාරිස්වරයා පැවසුවේ ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව වැඩි කිරීමට තම රජය අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලාංකිකයින්ට මැලේසියාවේ රැකියා 10,000ක් ලබාදීම සම්බන්ධයෙන් මැලේසියානු රජයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා නිෂ්පාදන අංශය, හෙද සේවය වැනි නව ක්ෂේත්‍ර රැකියා ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09
Video thumbnail
නලින්ද ජයතිස්ස දේශබන්දුට අනතුරු අඟවයි - "කරුණාකරලා ඇවිල්ලා බාර වෙන්න"
01:17
Video thumbnail
මුස්ලිම් ප්‍රජාව අතර ආණ්ඩුව ෆේල් ?
02:15
Video thumbnail
රනිල් අල්ජසීරා එක්ක කරපු interview එකනම් මම දැක්කේ නෑ
02:10

?