මැර ප්‍රහාරයක් එල්ල කල බවට බද්දේගම ප්‍රා.සභාපතිගේ සම්බන්ධිකාරකවරයෙකුට චෝදනා (ඡායාරූප)

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ සම්බන්ධිකාරකවරයෙකු ඇතුළු පිරිසක් තම නිවසට පහර දුන් බව පවසමින් බද්දේගම ඉදිගස්කැටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බද්දේගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පෙරේදා රාත්‍රී එල්ලවූ මෙම ප්‍රහාරයෙන් නිවසේ සිටි වයස අවරුදු 65 ක පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර නිවසටද හානි සිදුවී තිබෙනවා.

ප්‍රාදේශීය සභාවේ අනුමැතිය මත තමන් නිවස ඉදිරිපිට තාප්පයක් ඉදිකළ බවත් එම තාප්පය ඉදිකිරීමේදී සිය නිවස ඉදිරිපිටම පදිංචිව සිටින අදාළ සම්බන්ධිකාරකවරයා විරෝධය පලකල බවත් එම විරෝධය නොතකා තමන් බැම්ම ඉදිකළ බවත් පැමිණිලිකරු පවසනවා.

ඔහු පවසන්නේ මෙම ආරවුල මුල් කරගනිමින් අදාල පිරිස පෙරේදා රාත්‍රී නිවසට පැමිණ පහරදුන් බවයි.පහරදීමට සම්බන්ද කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මේ සම්බන්දයෙන් බද්දේගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් දසත කල විමසීමකදී ඔහු පැවසුවේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22