මැයි මාසයේ විවාද දෙකටම අපි සූදානම් – සජිත්

ලිපි හුවමාරු විජ්ජා ඕනේ නැති බවත් මැයි මාසයේ විවාද දෙකටම තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ අද (02) හම්බන්තොට, වීරකැටියේ, ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආර්ථික විශේෂඥයන් අතර විවාදය බැහැ කියන්නේ ඔවුන්ගේ ආර්ථික විශේෂඥයන්ට වැඩ බැරි නිසා ද කියා ගැටලුවක් පවතින බවත් එම නිසා ලිපි හරබ නොකර මැයි මාසයේ විවාද දෙකම කිරිමට එන ලෙසත් වාද විවාද පවත්වනවා සේම ඊට පෙර කයිය වගේම වැඩක් කර පෙන්වන ලෙස යෝජනා කරන බවත් රටට අවශ්‍ය කයිය නායකයෝ නොව වැඩ කරන නායකයෝ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට කයිය, බොරුව, සෝබනය, ඔලුගෙඩි විජ්ජා එපා වී ඇති බවත් කතාවට මෙන්ම වැඩටද සමගි ජන බලවේගය සූදානම් නිසා බය නැතිව එන ලෙසත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළා.

සිංහල පමණයි දමිළ පමණයි කියන අය කරන්නේ තමන්ගේ ඡන්ද මල්ල පුරවා ගැනීම මිස අධ්‍යාපනය දියුණු කිරීම නොවන බවත් මේ නිසා පාසලින් විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවා රැකියා නොමැති විරැකියා පෝළිමට එකතු වන බවත් මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

පාසල් අධ්‍යාපනය තුළ ව්‍යවසායකයන් බිහි කිරීමේ දැනුමද ලබා දිය යුතු බවත් අධ්‍යාපනය කරන ගමන් ව්‍යවසායකයන් බිහි කිරීමේ දැනුම ලබා දී ව්‍යවසායකයන් මිලියනයක් බිහි කළ යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය කාරක ප්‍රග්ධනය, ප්‍රග්ධනය,සම්පත්, දරාගත හැකි පිරිවැයකට මූල්‍ය ප්‍රවේශය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ අරමුණ ඩිජිටල් ශ්‍රී ලංකාවක් නම් තොරතුරු තාක්ෂණ විෂය 1-13 විය යුතු බවත් එය යම් ප්‍රමාණයකින් පෙර පාසල තුළත් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය දින 7ම දවස් 365ම කටපාඩම් අධ්‍යාපනය බවත් ඉන් දරුවන්ට රටට අනාගතයක් නොමැති නිසා අධ්‍යාපනයේ වෙනස සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22