මැයි දිනය, අමතක නොකළ යුතු “ත්‍රෛපාර්ශවික ගිවිසුම”

ජාත්‍යන්තර කම්කරු දිනයේ දී අතීත සටන්, ජයග්‍රහණ, පරාජයන්, කැපකිරීම් ගැන කතාකිරීම අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඒ වටිනා කියන දැනුම, ආස්වාදජනක, හැඟීම්බර කතන්දර නැවත සිහිපත් කිරීම වරදකුත් නොවෙයි. ඒත් ශ්‍රී ලංකාව පමණක් නොවෙයි, සමස්ත ලෝකය ම නිරායාසයෙන් ම වෙනස් දිශාවකට යොමු වුන මේ අපි ජිවත් වෙන කාලයේ කම්කරුවාගේ නැත්නම් වැඩ කරන ජනතාවගේ සටන් කලාවත්, ඒ ප්‍රශ්නවලට මුහුණ දීමේ හාම්පුතාගේ කලාවත්, ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවේ මැදිහත්වීමේ කලාවත් ඒ විදියට ම වෙනස් වෙලා කිව්වොත් එකෙත් වරදක් නැහැ. මොකද, කොරෝනා යනු මිනිසා අපේක්ෂා කළ දෙයක් නොවෙයි. දියුණු නවීන විද්‍යාවවත් එහෙම අනතුරු ඇඟවීමක් නිශ්චිතව කර තිබුණේ නැහැ. ලෝකයේ සියලු ආර්ථිකයන්, වෙළෙඳ පොළ වුවත්, සුබසාධන වුවත්, මිශ්‍ර ආර්ථික වුවත් කෝවිඩ් 19 නැත්නම් කොරෝනා බලපෑමේදී උත්තර නැති තත්ත්වයකට පත්වුණා. ඇත්තට ම උත්තරය අපි සතුව තිබුණා. එත් ඒක යටපත් කරගෙන අපි බොහෝ දුර පැමිණ තිබුණා. සියලු පාර්ශවයන්ගේ උදව් උපකාර සමග යා යුතු ගමනක් මිස, තනිවම යා හැකි ගමනක් නොමැති බව අප දැන සිටියා. විශේෂයේ ශ්‍රී ලංකාවේ අපි, ඒ පරාර්ථය හොඳින් දන්නවා. කොරෝනා හිස ඔසොවා ආසියාවේ මහා ආර්ථිකයක් සහිත ඉන්දියාවේ පවා කම්හල් වැසී, දසලක්ෂ ගණන් ශ්‍රමිකයින්ට රැකියා අහිමි වෙද්දී, රැකියා සුරක්ෂිත කරන්නට නීතිය පවා සවිමත් නොවෙද්දී, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ 35 ලක්ෂයකට අධික ශ්‍රමිකයන්ගේ කිසිදු රැකියාවක් අහිමි නොවුනේ කොහොමද ?

එය, මේ කම්කරු දිනයේ දී යළි සටහන් කර තැබීම ආර්ථික වශයෙන් නැවත ගොඩ එන්න උත්සාහ දරණ රටකට, අනාගත ආයෝජනයක් ලෙස සැලකුවත් වරදක් නැහැ. ඇත්තටම එහිදී ක්‍රියාත්මක වුනේ ලෝකයට අලුත්ම අලුත් දෙයක් නොවුනත්, ශ්‍රී ලංකාවට අලුත් දෙයක්. ඒ කියන්නේ, භාවිතයෙන් තොර න්‍යාය වඳයි කියන, වී අයි ලෙනින්ගේ කියමනත් සිහිපත් වෙන, දියුණු සංකල්පයක් ජීවමාන කළ, ජාතික ආර්ථික ප්‍රගතිය උදෙසා වන ප්‍රයෝගික ආදර්ශයක්. ත්‍රෛපාර්ශවිය එකඟතාවයෙන් මෙරට පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කළේ, කම්කරුවාගේ නැතහොත් සේවකයාගේ නියෝජිතයන් වන වෘත්තීය සමිතිත්, සේව්‍යන් නැතහොත් හාම්පුතුන් නියෝජනය කරන ලංකා සේව්‍ය සම්මේලනය / ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයත්, ආණ්ඩුව නියෝජනය කරන රැකියා සහ කම්කරු සබඳතා අමාත්‍යංශයත් සමගිව එක මතයකට ගෙන ඵලදායි වැඩපිළිවෙළක් සකසා සාර්ථකව ක්‍රියාවට නංවමින්. එකළ කම්කරු අමාත්‍යංශය පැවතුනේ විදේශ සබඳතා සහ නිපුණතා සංවර්ධන, රැකියා සහ කම්කරු සබඳතා අමාත්‍යංශය ලෙසයි. අමාත්‍යවරයා වුනේ, වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි.

රට ගොඩනැගීමට ශ්‍රමය සපයන කම්කරුවාත්, ප්‍රාග්ධනය යොදවන හාම්පුතාත්, ජාතික ආර්ථිකය පසුබිම සකසන රජයත් එක සේ වැදගත් වුවත් අනපේක්ෂිත වසංගතය හමුවේ කිසිවෙකුටත් පවතින න්‍යායන්, සංකල්පයන්, නීතියක් යටතේ උත්තර නැතිව අසරණව සිටියදී, ඇඳිරි නිතිය දමා රට වසා දමා තිබූ අඳුරු පසුබිමක, පාර්ශව තුන ම එකඟ වන, දුෂ්කර කාල පරිච්ඡේදයේ ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් කල් නොයවා සැකසීම ලෙහෙසි පහසු දෙයක් වන්නේ නැහැ. කම්කරු ඇමති ලෙස පාර්ශ්ව තුනම සාකච්ඡාවට කැඳවන විට ම දිනේෂ් ගුණවර්ධන, පෞද්ගලික අංශයේ කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමි නොවන පරිදි අවසාන විසඳුමකට පැමිණිය යුතු බවට වන ස්ථාවරයේ සිටියා. එහෙත් කම්කරුවාගේ සියලු ඉල්ලීම් දෙමින්, ව්‍යාපාරික ප්‍රජාව බිඳවට්ටවා හෝ ව්‍යාපාරිකයාගේ සියලු ඉල්ලීම් දෙමින් සේවකයා පාරට වට්ටවා හෝ ජාතික ආර්ථික ප්‍රගතියට යහපතක් නොවන බව, මුල සිට අගට සියලු සාකච්ඡාවල මුලසුන ගත් ඔහු දැනසිටින්නට ඇති. මක්නිසා ද, සාකච්ඡාවලට පිවිසෙන විටත් ඔහු ජ්‍යෙෂ්ඨ කම්කරු නායකයෙක් වූවා පමණක් නොව, වසර 50කට ආසන්න කාලයක් ජාතික දේශපාලන නායකයෙකු ලෙස, වගකීම් රැසක් දැරූ අමාත්‍යවරයෙකු ලෙස රටේ ලෝකයේ සෑම සමාජ පන්තියක් සමග ම කටයුතු කරමින් ලැබූ අත්දැකීම් සහ දිනාගෙන තිබූ විශ්වාසය මෙහිදී මහත් සේ උපකාරී වීමයි.

පාර්ශ්ව තුන අතර පළමු සාකච්ඡාව පැවැත්වුනේ 2020 මාර්තු මාසයේයි. ඒ කම්කරු ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්. පාර්ශව තුනේ ම සම්මුතියෙන් වැඩපිළිවෙළක් සැකසීමේ එකඟතාව මත, ජාතික කම්කරු උපදේශක සභාවේ(NLAC) අනුමැතිය මත ‘ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක බලකායක්’ 2020.03.10 ස්ථාපිත කළ අතර සති දෙක තුනක් තිස්සේ වෙලාව අවේලාව නොබලා රැස්වෙමින් කළ ඒ වෙහෙසකර කාර්යයට, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, පොදුජන ප්‍රගතිශීලි වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් අමරපාල ගමගේ, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් යනාදී වෘත්තීය සමිති නායකයෝද, ලංකා සේව්‍ය සම්මේලනයේ එකල හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ කනිෂ්ක වීරසිංහ, ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ(Joint Apparel Association Forum/ JAAF) ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් ඇතුළු හාම්පුතුන්ගේ නියෝජිතයෝ ද, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමත්‍යයංශයේ එකල ලේකම් සරත් අබයගුණවර්ධන ඇතුළු රජයේ නිලධාරින්ද සාක්ෂි සපයනවා ඇත. අවසානයේ මෙරට කාර්මික සාමයේ ඉතිහාසය තුළ පළමු වතාවට වෘත්තීය සමිති, ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය, කම්කරු අමාත්‍යංශය ත්‍රෛපාර්ශවිය ගිවිසුමකට 2020.05.05 වන දා අත්සන් තැබුවා. අමාත්‍ය මණ්ඩලය මැයි 14 වනදා එය අනුමත කළා. ඒ අනුව ආසියාවේ සේවකයන්ගේ දසලක්ෂ ගණන් සේවකයන්ගේ රැකියා අහිමි වෙද්දී ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ 35 ලක්ෂයකට අධික සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිත වූ අතර, සේවකයා විසින් අවසානයට ලැබූ මාසයේ මූලික වැටුපෙන් 50%ක් හෝ රු.14,500/= (එදා) යන දෙකෙන් වැඩි මුදල ගෙවීමට එකඟ කරවා ගැනුනා. ඒ වගේම සේවා මුර වශයෙන් මාරුවෙන් මාරුවට සේවකයන් සේවයේ යෙදවීමටත් එකඟ වූ අතර, ඒ බරපතළ ගැටළු විසඳීමට කම්කරු නීති නොමැති පසුබිමක ‘අඳුරේ’ සිට ඉටුකළ මෙම ඓතිහාසික කාර්යය ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) අගය කර තිබුණේ, “මෙය ජාතික මට්ටමින් ස්ථාවර අවම වැටුපක් සඳහා එකඟ වූ දුර්ලභ අවස්ථාවක්” බව පවසමින්. ශ්‍රම වෙළෙඳපොළේ ප්‍රධාන ක්‍රියාකාරීන් එක් කරන ලෝක සංවිධානයක් වන, GLOBAL DEAL, ශ්‍රී ලංකාවේ ඇතිවූ ත්‍රෛපාර්ශවිය එකඟතාව ගැන විශේෂ සිද්ධි අධ්‍යයනයක් පවා කර, “කොවිඩ් වසංගතයෙදී කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමි නොවන බවට වගබලා ගැනීම සාකච්ඡාවලදී මූලධර්මයක් ලෙස පිළිගත් බව” ප්‍රකාශ කර තිබුණා. ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ මෙවැනි ගිවිසුමකට එළැඹුනු සුවිශේෂි අවස්ථාව මෙය බවද, එතරම් සුවිශේෂී වූ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ අනෙකුත් අංශ සඳහා ආදර්ශයක් විය හැකි යැයි IndustriALL විශ්වාස කරන බවද, ඔවුන්ගේ නිගමනයේ සඳහන්. අනෙක් පැත්තෙන් ලෝකයේ කොතනකවත් නොකළ, කම්හල්වල සේව්‍ය-සේවක ‘කෝවිඩ් සෞඛ්‍ය කමිටු’ පිහිටුවීමටද මෙම ගිවිසුමෙන් හැකියාව ලැබුණා.

අත්දැකීම් සම්භාරයක් ඇති මෙරට ප්‍රබල වෘත්තීය සමිති නායකයෙකු වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මේ ගිවිසුමේ වැදගත්කම පිළිබද ලේඛකයා සමඟ මෑතකදී කී කතාවක් මෙසේයි. “…මේකේ තියෙන වටිනාකම තමයි ප්‍රශ්නයක් ආවහම ඔක්කොම එකතුවෙලා විසඳුම් හොයනවා මිසක් අයිතිවාසිකම් වෙනුවෙන් විතරක් සටන් කළාට විසඳුම් ලැබෙන්නේ නෑ කියන එක,..අනිත් එක මේකෙන් මිනිස්සු අලුත් දෙයක් ඉගෙන ගත්තා, මම 1960 ඉදන් කම්කරු ඇමතිවරු එක්ක වැඩකරලා තියෙනවා…දිනේෂ්ගේ වෙනස තමයි ඉතා ප්‍රයෝගික විදියට ප්‍රශ්නේ දිහා බැලීම.” ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස් කියා සිටියේ “ඇමතිතුමා ප්‍රශ්නය හොඳින් අඳුනගෙන හිටියා. සේවකයන්ගේ රැකියා ආරක්ෂා කර දෙන්නත් ඕනේ, කර්මාන්තය බේරා දෙන්නත් ඕනේ, මේක ශ්‍රී ලංකාවේ මීට පෙර කිසිදා ඇති නොවුණු ප්‍රයෝගික ගිවිසුමක්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44