නව අධ්‍යාපන අවස්ථා සිසුන්ට හඳුන්වාදීම අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණක් – අගමැතිනිය

වෘත්තීයභාවය සහ පුහුණුව සහිත ලෝකය දෙස පුළුල් කෝණයකින් බැලිය හැකි ශිෂ්‍ය පිරිසක් උසස් අධ්‍යාපනය හරහා ගොඩනැගිය යුතු බවත්, ඒ සඳහා උසස් අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කරමින් නව අධ්‍යාපන අවස්ථා සිසුන්ට හඳුන්වාදීමට කටයුතු කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසූයේ අද (12) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති, “මගෙන් මහපොළට, මහපොළෙන් දරුවන්ට” – මහපොළ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි විද්‍යාර්ථි වෙබ් ද්වාරය නිල වශයෙන් විවෘත කිරීමේ සමාරම්භක උත්සවය සහ 2023/2024 මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

මහපොළ ප්‍රතිලාභ ලැබූ ආදී විද්‍යාර්ථීන් සහ දැනට මහපොළ ප්‍රතිලාභ ලබන විද්‍යාර්ථීන් එක් ජාලයකට ගොනු කිරීම අරමුණු කරගනිමින් සෑදූ මහපොළ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි ‍විද්‍යාර්ථි වෙබ් ද්වාරය නිල වශයෙන් විවෘත කිරීම මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

එමෙන්ම දිට්වා ආපදාවෙන් බලපෑමට ලක්වූ විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට ද අග්‍රාමාත්‍යවරිය අතින් ශිෂ්‍යත්ව පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා.

මෙම උත්සවය සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහචාර්යවරුන් ඇතුළු නිලධාරින් පිරිසක් ද සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59