තමිල්නාඩු ප්‍රාන්තයේ මත්පැන් හල් 717ක් වසා දැමීමට තලපති විජේගෙන් නියෝග

තමිල්නාඩු ප්‍රාන්තයේ ආගමික ස්ථාන, අධ්‍යාපන ආයතන සහ බස් නැවතුම්පොළවල සිට මීටර් 500ක් ඇතුළත පිහිටා ඇති මත්පැන් අලෙවිසල් 717ක් වසා දැමීමට එම ප්‍රාන්තයේ නව මහ ඇමති සී. ජෝසප් විජේ නියෝගකර තිබෙනවා.

සති දෙකක් ඇතුළත එම නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ඔහු විසින් දැනුම් දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.