මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් නවතා දැමුණු ගුවන් යානා ගැන මෙරටින් දැනුම්දීමක්

මැදපෙරදිග පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලන්කන් ගුවන් යානා පහක් මස්කට්, රියාද් සහ ඩුබායි වෙත.හරවා යැවුණු බව ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ඇති වූ මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ මෙය සිදු කළ බවයි වාර්තා වන්නේ.

මේ අතර FitsAir ගුවන්යානයක් ද ඩුබායි වෙත හරවා යවා ඇති බවයි.

මෙම ගුවන්යානා කුවෙට්, අබුඩාබි සහ දෝහා වෙත පියාසර කළ ඒවා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවා.

මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ, කිසියම් ගුවන්යානයක් ශ්‍රී ලංකාව වෙත ගොඩ බෑම සඳහා ඉල්ලීමක් කළහොත් මත්තල ගුවන්තොටුපොළ සහ කටුනායක ගුවන්තොටුපොළ සූදානම් කර ඇති බවයි.

මේ අතර කුවේට් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන ජසීරා ගුවන් සේවය සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා ඇති බවට තමන් වෙත දැනුම් දී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද (24) අලුයම 05ට දසත ගුවන් තොටුපොළ වාර්තාකරුට පවසා තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත සහ කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ගුවන් තොටුපොළ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් මෙසේ අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙයට හේතු වී ඇත්තේ ඉරානය විසින් කටාර් රාජ්‍යයේ ඇමෙරිකානු යුද කඳවුරු වෙත පහරදීමත් සමගම කටාර් ගුවන් කලාපය වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබීමයි.

කෙසේ නමුත් අද පෙරවරුව වන විට කටාර් ගුවන් කලාපය යළි විවෘත කිරීමට ද එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මේ වනවිට අනෙකුත් මැදපෙරදිග සහ යුරෝපයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා සාමාන්‍ය පරිදි පැමිණෙමින් සිටින බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30