මැති ඇමතිවරුන් බයිසිකලයට බසියි

පාපැදියෙන් රැකියාවට පැමිණීමේ ආදර්ශය ඉහළ සිට ලබාදීමේ එකඟතාවයකට පැමිණ ඇති බව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ඒ අනුව ඉදිරියේදී මැතිඇමතිවරුන් ද පාපැදියෙන් සිය රාජකාරී කටයුතු සඳහා පැමිණෙනු ඇති බවයි.

“ඉදිරියේදී අමාත්‍යවරුන්ටත් සතියට බැරිනම් මාසෙකට දවසක්වත් පාපැදියක් භාවිත කිරීමේ තත්ත්වයකට එන්න පුළුවන් කමක් තියෙයි. යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න වගේ දේවල්.”

“නමුත් අපි හිතනවා ක්‍රමානුකූලව එහෙම එන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා. උඩ සිට පහළටම ඒ ආදර්ශය ලබාදෙන එකඟතාවයකට ආවා. ඒ නිසා එක සැරයටම අහන්න එපා හෙට ඉඳලා බයිසිකලයෙන් ද යන්නේ කියලා. නමුත් අනාගතයේ මැතිඇමතිවරු, දේශපාලනඥයින් ඒ තත්ත්වයට එයි.”

“දැනටමත් රජයේ ඉහළ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පපාපැදියෙන් කාර්යාලවලට එනවා. ඒ අයව අගය කරන වැඩසටහන් ඉදිරියේදී පරිසර අමාත්‍යාංශය සංවිධානය කරනවා.” අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34
Video thumbnail
ජනාධිපති කොටීන්ට බයයි ද.. රණවිරුවෝ කියලා කියන්න දිව නැමෙන්නේ නෑ
08:21
Video thumbnail
"Politicsවල නිව් වයිබ් එකට සෙට් වෙමු" SMART UNPයේ රනිල් කිව්ව අලුත් වුණ පෙම් කැකුළ
08:26
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43


?