මැතිව්ස් සහ මෙන්ඩිස් පරාජයට හේතු කියයි (වීඩියෝ)

අත්‍යවශ්‍ය වේලාවන්හි දී කණ්ඩායම අතින් බොහෝ වැරදි සිදු වූ අතර ක්‍රීඩා ලෝලීන්ට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳ කණගාටු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ කණ්ඩායම අද (10) යළි ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසුව ලැබුණු පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

මෙම තරගාවලියේදී විශාල පසුබෑමක් සිදු වූ අතර එම වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව මැතිව්ස් ප්‍රකාශ කළා.

අත්‍යවශ්‍ය වේලාවන්වලදී කණ්ඩායමක් ලෙසට පන්දු රැකීම පන්දු යැවීම මෙන්ම පිතිකරණයේදී සිදු වූ වැරදි මෙම පරාජයන්ට හේතු බවයි ඔහු කියාසිටියේ.

කණ්ඩායම පරාජයට පත්වුව ද ජයග්‍රහණය කළ ද තරග නැරඹීමෙන් සහයෝගය දැක්වූ ක්‍රීඩා ලෝලීන්ට සතුටු විය හැකි ආකාරයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි වීම පිළිබඳ කණ්ඩායමක් ලෙසට කණගාටු වන බව ද ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රකාශ කළා.

කණ්ඩායමේ ක්‍රීඩකයන් දක්ෂතාවයන්ගෙන් සමන්විත අය වුව ද කණ්ඩායමක් ලෙසට තරග කිරීමක් සිදු නොවීම පසුබෑමට හේතුවූ බව ද ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් සඳහන් කළේ කණ්ඩායම්ක ලෙසට හොඳින් එකමුතුව ක්‍රීඩා කළ බවයි.

කණ්ඩායමේ සියලුදෙනා පාහේ තමාට සහයෝගය දැක්වූ බවයි ඔහු කියාසිටියේ. තරගවල ජය පරාජයන් කණ්ඩායමට පාලනය කළ නොහැකි අතර ජයග්‍රහණය කිරීමට නම් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතරට පිවිසිය යුතු වන බව ඔහු සඳහන් කළා.

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙහිදී අදහස් දක්වමින් කියාසිටියේ තමා පරාජයේ වගකීම භාර ගන්නා බවයි.

”මම වගකීම භාර ගන්නවා. මම පැනලා යන්නේ නැහැ. මම සියලු දේවල් කතා කරන්නම්. කුමන්ත්‍රණ තිබුණ ද? කවුද මේවා වැට්ටුවේ. මට දවස් දෙකක් දෙන්න” යනුවෙන් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22