මැතිව්ස් සහ මෙන්ඩිස් පරාජයට හේතු කියයි (වීඩියෝ)

අත්‍යවශ්‍ය වේලාවන්හි දී කණ්ඩායම අතින් බොහෝ වැරදි සිදු වූ අතර ක්‍රීඩා ලෝලීන්ට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳ කණගාටු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ කණ්ඩායම අද (10) යළි ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසුව ලැබුණු පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

මෙම තරගාවලියේදී විශාල පසුබෑමක් සිදු වූ අතර එම වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව මැතිව්ස් ප්‍රකාශ කළා.

අත්‍යවශ්‍ය වේලාවන්වලදී කණ්ඩායමක් ලෙසට පන්දු රැකීම පන්දු යැවීම මෙන්ම පිතිකරණයේදී සිදු වූ වැරදි මෙම පරාජයන්ට හේතු බවයි ඔහු කියාසිටියේ.

කණ්ඩායම පරාජයට පත්වුව ද ජයග්‍රහණය කළ ද තරග නැරඹීමෙන් සහයෝගය දැක්වූ ක්‍රීඩා ලෝලීන්ට සතුටු විය හැකි ආකාරයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි වීම පිළිබඳ කණ්ඩායමක් ලෙසට කණගාටු වන බව ද ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රකාශ කළා.

කණ්ඩායමේ ක්‍රීඩකයන් දක්ෂතාවයන්ගෙන් සමන්විත අය වුව ද කණ්ඩායමක් ලෙසට තරග කිරීමක් සිදු නොවීම පසුබෑමට හේතුවූ බව ද ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් සඳහන් කළේ කණ්ඩායම්ක ලෙසට හොඳින් එකමුතුව ක්‍රීඩා කළ බවයි.

කණ්ඩායමේ සියලුදෙනා පාහේ තමාට සහයෝගය දැක්වූ බවයි ඔහු කියාසිටියේ. තරගවල ජය පරාජයන් කණ්ඩායමට පාලනය කළ නොහැකි අතර ජයග්‍රහණය කිරීමට නම් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතරට පිවිසිය යුතු වන බව ඔහු සඳහන් කළා.

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙහිදී අදහස් දක්වමින් කියාසිටියේ තමා පරාජයේ වගකීම භාර ගන්නා බවයි.

”මම වගකීම භාර ගන්නවා. මම පැනලා යන්නේ නැහැ. මම සියලු දේවල් කතා කරන්නම්. කුමන්ත්‍රණ තිබුණ ද? කවුද මේවා වැට්ටුවේ. මට දවස් දෙකක් දෙන්න” යනුවෙන් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?