මැතිව්ස්ගේ 16 වසරක ටෙස්ට් ඉනිම අවසන්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවිය අද අවසන් කළා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟ ගාල්ලේ දී මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දියි.

මැතිව්ස්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ඉනිම ලකුණු අටකට සීමා වූ අතර ඔහු තම අවසන් ටෙස්ට් ඉනිමේ දී පන්දු 45කට මුහුණ දුන්නා.

මෙම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක අවසන් වරට දවාගැනීමේ අවස්ථා බංග්ලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක තයිජුල් ඉස්ලාම්ට උදාවුණා.

2009 වසරේ ජූලි මස 04 වනදා පාකිස්ථානයට එරෙහිව ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් වරම් හිමිකරගත් මැතිව්ස් එතැන් සිට අද දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 118 කට ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී ඔහු ලකුණු 8167ක් රැස්කරගෙන ඇති අතර, ඊට ජාත්‍යන්තර ටෙස්ට් ශතක 16ක් සහ අර්ධ ශතක 45ක් ඇතුළත්.
ටෙස්ට් පිටිය තුළ තම පිත්තෙන් හතරේ පහර 835ක් සහ හයේ පහර 89ක් මැතිව්ස් විසින් එල්ල කර තිබෙනවා.

එමෙන්ම ටෙස්ට් පිටිය තුළ රතු පන්දුවෙන් ද දස්කම් දැක්වූ මැතිව්ස් ජගත් ටෙස්ට් පිටියේ කඩුලු 33ක් දවාගෙන ඇති අතර, රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 78ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර මැතිව්ස් තුන්වන තැන පසුවන්නේ කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට පමණක් දෙවැනි වෙමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සොයාගත් වටිනාම සම්පතක් වන ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවන් ලබාදුන් ජයග්‍රහණ සහ සිදුකළ කැපකිරීම් තවත් වසර ගණනාවක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ මතයන් තුළ රැඳෙනු ඇති
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?