මැතිව්ස්ගේ දැවී යාමේ සිද්ධිය ගැන බංග්ලාදේශ අධිකරණයෙන් දැනුම්දීමක්

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක වකාර් යුනිස්ට එරෙහිව බංග්ලාදේශ මහාධිකරණයක් තීන්දුවක් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පසුගියදා පැවති ලෝක කුසලාන තරගයේදී බංගලිදේශ ක්‍රිකට් සහ ඔවුන්ගේ කණ්ඩායම් නායක ෂකීබ් අල් හසන් පිළිබඳව වකාර් විසින් කරන ලද විවේචනාත්මක ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙනුයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

බංග්ලාදේශය සමග පැවති තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවී යාම සම්බන්ධයෙන් කළ විවේචනයක් හේතුවෙන් වකාර් යුනිස් ලෝක කුසලාන ක්‍රිකට් විකාශන කණ්ඩායමෙන් ඉවත් කරන ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන්නැයි බංග්ලාදේශ අධිකරණය එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක වකාර් යුනිස්ගේ නම විස්තර විචාරක ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් නොකිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බවයි බංග්ලාදේශ මහාධිකරණය තීන්දුකර ඇත්තේ.

මීට අමතරව, එම තීරණයට ප්‍රතිචාර දැක්වීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCB) සභාපතිවරයාට අධිකරණය දින දහයක කාලයක් ද ලබා දී තිබෙනවා.

විනිසුරු මුස්තාෆා සමාන් ඉස්ලාම් සහ විනිසුරු එම්. ඩී. අටබුල්ලා යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥ වලියුර් රහ්මාන් ඛාන් විසින් ඉදිරිපත් කරන ලද රිට් නඩුවක මූලික විභාගයෙන් පසුවයි.

ශකීබ් අල් හසන් සහ බංග්ලාදේශයේ ක්‍රිකට් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් වකාර් යුනිස් බංග්ලාදේශයේ විවේචනයට ලක්වී තිබෙනවා. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පැවැති 2023 ලෝක කුසලානයේ 38 වැනි තරගයේදී ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීමට සූදානම් වීමේ කාලය ඉක්මවීමෙන් පසුව දැවීයාමට පිළිබඳ ඉල්ලීමක් කිරීමට ෂකීබ් අල් හසන් තීරණය කර තිබුණා. ICC රෙගුලාසිවලට මෙවැනි රීතියක් ඇතුළත් වන නමුත් එය මීට පෙර භාවිතා කර නැහැ. මැතිව්ස්ට අලුත් හිස්වැස්මක් ලබා ගැනීමේ ක්‍රියාවලියට විනාඩි දෙකක් ගත වීමේ ප්‍රමාදය දුටු ෂකීබ් විනිසුරුට දැනුම් දුන් අතර මැතිව්ස්ගේ කාලය අවසන් වූ බවයි විනිසුරු ප්‍රකාශ කළේ.

මෙහිදී විස්තර විචාරයේ දී සිටි වකාර් යූනිස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආර්නෝල්ඩ්, ශකීබ්ගේ ක්‍රියාව හෙළා දකිමින්, අදාළ ඉල්ලීම ක්‍රීඩාශීලී නොවන හැසිරීමක් ලෙසට නම් කර තිබුණා.

යුනිස් විශේෂයෙන්ම ෂකීබ්ව වෙන්කර පෙන්වමින්, ඔහුගේ හැසිරීම සහ බංග්ලාදේශයේ උපායමාර්ගය විවේචනය කරමින්, එය ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මයට පටහැනි බව පැවසූ බවටයි බංග්ලාදේශය චෝදනා කර ඇත්තේ.

සඳුදා ශ්‍රී ලංකාව සමඟ පැවති ලෝක කුසලාන තරඟයේදී බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් සම්බන්ධයෙන් යුනිස් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනුයි අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේදී, ඇන්ජලෝ මැතිව්ස් ආන්දෝලනාත්මක ලෙස කාලය ඉක්මවා යාම (Timed Out) හේතුවෙන් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසට නම් කෙරුණා. වසර 146 ක ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ එලෙස දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසටයි ඉතිහාසගත වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
12
+1
45
+1
11
+1
14
+1
20
+1
25
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?