මැතිව්ස්ගේ දැවී යාමේ සිද්ධිය ගැන බංග්ලාදේශ අධිකරණයෙන් දැනුම්දීමක්

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක වකාර් යුනිස්ට එරෙහිව බංග්ලාදේශ මහාධිකරණයක් තීන්දුවක් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පසුගියදා පැවති ලෝක කුසලාන තරගයේදී බංගලිදේශ ක්‍රිකට් සහ ඔවුන්ගේ කණ්ඩායම් නායක ෂකීබ් අල් හසන් පිළිබඳව වකාර් විසින් කරන ලද විවේචනාත්මක ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙනුයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

බංග්ලාදේශය සමග පැවති තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවී යාම සම්බන්ධයෙන් කළ විවේචනයක් හේතුවෙන් වකාර් යුනිස් ලෝක කුසලාන ක්‍රිකට් විකාශන කණ්ඩායමෙන් ඉවත් කරන ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන්නැයි බංග්ලාදේශ අධිකරණය එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක වකාර් යුනිස්ගේ නම විස්තර විචාරක ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් ඉදිරිපත් නොකිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බවයි බංග්ලාදේශ මහාධිකරණය තීන්දුකර ඇත්තේ.

මීට අමතරව, එම තීරණයට ප්‍රතිචාර දැක්වීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCB) සභාපතිවරයාට අධිකරණය දින දහයක කාලයක් ද ලබා දී තිබෙනවා.

විනිසුරු මුස්තාෆා සමාන් ඉස්ලාම් සහ විනිසුරු එම්. ඩී. අටබුල්ලා යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥ වලියුර් රහ්මාන් ඛාන් විසින් ඉදිරිපත් කරන ලද රිට් නඩුවක මූලික විභාගයෙන් පසුවයි.

ශකීබ් අල් හසන් සහ බංග්ලාදේශයේ ක්‍රිකට් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් වකාර් යුනිස් බංග්ලාදේශයේ විවේචනයට ලක්වී තිබෙනවා. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පැවැති 2023 ලෝක කුසලානයේ 38 වැනි තරගයේදී ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීමට සූදානම් වීමේ කාලය ඉක්මවීමෙන් පසුව දැවීයාමට පිළිබඳ ඉල්ලීමක් කිරීමට ෂකීබ් අල් හසන් තීරණය කර තිබුණා. ICC රෙගුලාසිවලට මෙවැනි රීතියක් ඇතුළත් වන නමුත් එය මීට පෙර භාවිතා කර නැහැ. මැතිව්ස්ට අලුත් හිස්වැස්මක් ලබා ගැනීමේ ක්‍රියාවලියට විනාඩි දෙකක් ගත වීමේ ප්‍රමාදය දුටු ෂකීබ් විනිසුරුට දැනුම් දුන් අතර මැතිව්ස්ගේ කාලය අවසන් වූ බවයි විනිසුරු ප්‍රකාශ කළේ.

මෙහිදී විස්තර විචාරයේ දී සිටි වකාර් යූනිස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආර්නෝල්ඩ්, ශකීබ්ගේ ක්‍රියාව හෙළා දකිමින්, අදාළ ඉල්ලීම ක්‍රීඩාශීලී නොවන හැසිරීමක් ලෙසට නම් කර තිබුණා.

යුනිස් විශේෂයෙන්ම ෂකීබ්ව වෙන්කර පෙන්වමින්, ඔහුගේ හැසිරීම සහ බංග්ලාදේශයේ උපායමාර්ගය විවේචනය කරමින්, එය ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මයට පටහැනි බව පැවසූ බවටයි බංග්ලාදේශය චෝදනා කර ඇත්තේ.

සඳුදා ශ්‍රී ලංකාව සමඟ පැවති ලෝක කුසලාන තරඟයේදී බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් සම්බන්ධයෙන් යුනිස් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙනුයි අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේදී, ඇන්ජලෝ මැතිව්ස් ආන්දෝලනාත්මක ලෙස කාලය ඉක්මවා යාම (Timed Out) හේතුවෙන් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසට නම් කෙරුණා. වසර 146 ක ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ එලෙස දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසටයි ඉතිහාසගත වූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46