පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 13ක් මෙම මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට මේ වන විටත් කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා.
එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 1239කට එරෙහිව මේ වන විට විමර්ශන ආරම්භ වී ඇති බවත්, ඒ අනුව මෙම පළාත් පාලන මැතිවරණයේ දී ද මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු කරන මෙන් අපේක්ෂකයන් ඇතුළු අනෙකුත් තැනැත්තන්ගෙන් ඉල්ලා සිටිනා බවත් ඔහු පැවසුවා.
ඉදිරි මැතිවරණ කාලසීමාව තුළ ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන අවස්ථාවල දී අවශ්‍ය කරන ආරක්ෂාව ලබාදීම සඳහා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය කරන අමතර නිලධාරීන් වෙනත් පොලිසි ස්ථාන මගින් ලබාදීමටත් මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළා.