AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලි 566ක් දක්වා ඉහළට – ජනපතිවරණයට රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 13,000ක්

මේ වනව්ට මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණයට අදාළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 566ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 542ක් මේ වනවිට ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් මේ වනවිට ලැබී තිබෙනවා.

මේ අතර මේ වසරේ මැතිවරණ රාජකාරි සඳහා රජයේ සේවකයන් ලක්ෂ 02ත් 225,000ත් අතර ප්‍රමාණයක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 13,000ක් ස්ථාපිත කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

මීට අමතරව, ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා සියලුම අපේක්ෂකයින්ට ඔවුන්ගේ ලකුණ ලබා දී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?