මැතිවරණ කොමිසම අද රැස්වෙයි – අලුත් ඡන්ද දායකයින් 155,976ක්

මැතිවරණ මෙහෙයුම් කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (11) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ (10) දිනයේ නාමයෝජනා ලබාගැනීමට දින නියම වූ ප්‍රාද්ශීය සභා තුනකට අදාළ ඡන්ද විමසීම පිළිබඳව ද අද රැස්වන කොමිෂන් සභා රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

එම ඡන්ද විමසීමේ කටයුතු ද අනෙකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේම පැවැත්වීමට දැනට සැලසුම් කර ඇති බවයි එම කොමිසම පැවසුවේ.

එමෙන්ම තැපැල් ඡන්ද කටයුතු සම්බන්ධයෙන් ද අද රැස්වන කොමිෂන් සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නව ඡන්ද දායකයින් 155,976 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ට අමතරව මෙම නව ඡන්ද දායකයින් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙයි.

ඒ, අනුව මෙවර පළාත් පළාන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ අනූ හයදහස් තුන්සීය තිස්දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?