මැතිවරණ කොමිසම අද රැස්වෙයි – අලුත් ඡන්ද දායකයින් 155,976ක්

මැතිවරණ මෙහෙයුම් කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (11) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ (10) දිනයේ නාමයෝජනා ලබාගැනීමට දින නියම වූ ප්‍රාද්ශීය සභා තුනකට අදාළ ඡන්ද විමසීම පිළිබඳව ද අද රැස්වන කොමිෂන් සභා රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

එම ඡන්ද විමසීමේ කටයුතු ද අනෙකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේම පැවැත්වීමට දැනට සැලසුම් කර ඇති බවයි එම කොමිසම පැවසුවේ.

එමෙන්ම තැපැල් ඡන්ද කටයුතු සම්බන්ධයෙන් ද අද රැස්වන කොමිෂන් සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නව ඡන්ද දායකයින් 155,976 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ට අමතරව මෙම නව ඡන්ද දායකයින් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙයි.

ඒ, අනුව මෙවර පළාත් පළාන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ අනූ හයදහස් තුන්සීය තිස්දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10