මැතිවරණ කොමිසමෙන් නිලධාරීන්ට දැනුම්දීමක්

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන් වෙත මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් යොමු කර තිබෙනවා.

තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයකින් තොරව කල්දැමීමට මැතිවරණ කොමිසම තීරණය කිරීමත් සමග මූලික සංවිධාන කටයුතුවලට අදාළ පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙනුයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම ලිපිය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව සියලු සේවකයින්ට එළඹෙන සඳුදා (20) දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාව ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල රාජකාරී ද අත්හිටුවන බව දැනුම් දී තිබෙනවා.

සති අන්ත හා රජයේ නිවාඩු දින ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වසා දැමීමට කටයුතු කළ යුතු බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

කිසියම් විශේෂ රාජකාරියක් සඳහා සති අන්ත හෝ නිවාඩු දිනවල කාර්යාලය විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව එම ලිපිය මගින් දැනුම්දී තිබෙනවා.

දැනට සේවයේ යොදවා ඇති අනියම් සහායකයින් සහ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යාල වේලාවෙන් පසු තාවකාලිකව අවසන් කළ යුතුයි.

කාර්ය මණ්ඩල ප්‍රවාහන කටයුතු සඳහා විවිධ ආයතනවලින් ලබාගන්නා ලද සියලුම වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අදාළ ආයතන වෙත මුදාහැරිය යුතු බව ද එම ලිපියේ දැක්වෙනවා.

කෙසේ වෙතත් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ ඉදිරියේදී උපදෙස් ලබාදීමට නියමිත අතර එතෙක් පොලිස් ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කරන ලෙසද එම ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර මුදල් නොමැති වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ ලබන සතියේ ඒ පිළිබඳ මෝසමක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බවයි.

එමෙන්ම මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඉන්ධන ප්‍රමාණවත්ව ලබා නොදීම, මුද්‍රණාලයට පොලිස් ආරක්ෂාව ලබා නොදීම ඇතුළු කරුණු ද එම මෝසම මඟින් දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබුණා. එහෙත් පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබා දිය නොහැකි බවට මහා භාණ්ඩාගාරය ඊයේ දිනයේද මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බවයි එහි සභාපතිවරයා පැවසුවේ.

එවන් පසුබිමක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කාර්යය ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මඟින් දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

මේ අතර අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් දින 5ක් තුළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබා දිමට හැකියාවක් පවතින බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කළ යුතු ඡන්ද පත්‍රිකා ප්‍රමාණය මිලියන 18 කට ආසන්න වනවා. තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා ඉන් වෙන් කෙරෙන්නේ සියයට 3 ක්.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ මුද්‍රණාලාධිපතිනිය පෙන්වා දෙන්නේ දින 5ක් තුළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නම් මැතිවරණ මුද්‍රණ කටයුතු සඳහා වියදම් දැරීමට අයවැය චක්‍රලේඛය බාධාවක් නොවන බව තහවුරු කරමින් තවදුරටත් අදාළ ප්‍රතිපාදන නිදහස් කර දිය යුතු බවයි.

එමෙන්ම, ආරක්ෂක, සුබසාධන, විදුලිය ඇතුළු සේවා සහ පහසුකම් සපයා ගැනීමට රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට කටයුතු කරන්නේ නම් සහ පොලිස් ආරක්ෂාව ලබාදෙන්නේ නම් එම කාලය තුළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබා දිය හැකි බවද ඇය පවසනවා.

චක්‍රලේඛ මඟින් සිදු කර ඇති සීමාවන් සහ අවශ්‍ය වේලාවට ආරක්ෂාව නොලැබීම හේතුවෙන් පමණක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වූ බවද රජයේ මුද්‍රණාලාධිපතිනිය පෙන්වා දෙනවා.

ඒ හැර වෙනත් කිසිදු පාර්ශවයකගෙන් තමන් වෙත බලපෑමක් සිදු නොවූ බවයි රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ වැඩිදුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?