මැතිවරණ කොමිසමෙන් නිලධාරීන්ට දැනුම්දීමක්

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන් වෙත මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් යොමු කර තිබෙනවා.

තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයකින් තොරව කල්දැමීමට මැතිවරණ කොමිසම තීරණය කිරීමත් සමග මූලික සංවිධාන කටයුතුවලට අදාළ පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙනුයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම ලිපිය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව සියලු සේවකයින්ට එළඹෙන සඳුදා (20) දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාව ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල රාජකාරී ද අත්හිටුවන බව දැනුම් දී තිබෙනවා.

සති අන්ත හා රජයේ නිවාඩු දින ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වසා දැමීමට කටයුතු කළ යුතු බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

කිසියම් විශේෂ රාජකාරියක් සඳහා සති අන්ත හෝ නිවාඩු දිනවල කාර්යාලය විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව එම ලිපිය මගින් දැනුම්දී තිබෙනවා.

දැනට සේවයේ යොදවා ඇති අනියම් සහායකයින් සහ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යාල වේලාවෙන් පසු තාවකාලිකව අවසන් කළ යුතුයි.

කාර්ය මණ්ඩල ප්‍රවාහන කටයුතු සඳහා විවිධ ආයතනවලින් ලබාගන්නා ලද සියලුම වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අදාළ ආයතන වෙත මුදාහැරිය යුතු බව ද එම ලිපියේ දැක්වෙනවා.

කෙසේ වෙතත් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ ඉදිරියේදී උපදෙස් ලබාදීමට නියමිත අතර එතෙක් පොලිස් ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කරන ලෙසද එම ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර මුදල් නොමැති වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ ලබන සතියේ ඒ පිළිබඳ මෝසමක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බවයි.

එමෙන්ම මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඉන්ධන ප්‍රමාණවත්ව ලබා නොදීම, මුද්‍රණාලයට පොලිස් ආරක්ෂාව ලබා නොදීම ඇතුළු කරුණු ද එම මෝසම මඟින් දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබුණා. එහෙත් පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබා දිය නොහැකි බවට මහා භාණ්ඩාගාරය ඊයේ දිනයේද මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බවයි එහි සභාපතිවරයා පැවසුවේ.

එවන් පසුබිමක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කාර්යය ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මඟින් දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

මේ අතර අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් දින 5ක් තුළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබා දිමට හැකියාවක් පවතින බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කළ යුතු ඡන්ද පත්‍රිකා ප්‍රමාණය මිලියන 18 කට ආසන්න වනවා. තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා ඉන් වෙන් කෙරෙන්නේ සියයට 3 ක්.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ මුද්‍රණාලාධිපතිනිය පෙන්වා දෙන්නේ දින 5ක් තුළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නම් මැතිවරණ මුද්‍රණ කටයුතු සඳහා වියදම් දැරීමට අයවැය චක්‍රලේඛය බාධාවක් නොවන බව තහවුරු කරමින් තවදුරටත් අදාළ ප්‍රතිපාදන නිදහස් කර දිය යුතු බවයි.

එමෙන්ම, ආරක්ෂක, සුබසාධන, විදුලිය ඇතුළු සේවා සහ පහසුකම් සපයා ගැනීමට රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට කටයුතු කරන්නේ නම් සහ පොලිස් ආරක්ෂාව ලබාදෙන්නේ නම් එම කාලය තුළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබා දිය හැකි බවද ඇය පවසනවා.

චක්‍රලේඛ මඟින් සිදු කර ඇති සීමාවන් සහ අවශ්‍ය වේලාවට ආරක්ෂාව නොලැබීම හේතුවෙන් පමණක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වූ බවද රජයේ මුද්‍රණාලාධිපතිනිය පෙන්වා දෙනවා.

ඒ හැර වෙනත් කිසිදු පාර්ශවයකගෙන් තමන් වෙත බලපෑමක් සිදු නොවූ බවයි රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ වැඩිදුරටත් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39