මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

යම් කිසි කායික දුබලතාවයක් හේතුවෙන් ඡන්ද පොළට ගමන් කිරීමට නොහැකි නම් ඡන්ද පොළට යාම සහ ඒම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ, සඳහා ස්වකීය ඡන්ද විමසීම් ප්‍රදේශයේ තේරීම් භාර නිලධරයා වෙත තමා විසින් හෝ එසේ නොමැති නම් අපේක්ෂ්කයෙකු, ඡන්ද නියෝජිතයෙකු, බලය ලත් නියෝජිතයෙකු හෝ ප්‍රාදේශීය නොවන වෙනත් අයෙකු විසින් ඉල්ලුම් පත්‍රයක් දිරිපත් කළ හැකි බවයි එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

මේ සඳහා වූ අයදුම් පත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්‍යාලයෙන් හෝ www.election.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

සම්පූර්ණ කරන ලද අයදුම් පත ඡන්ද විමසීම් දිනයට දින හතකට පෙර එනම්, 2024 සැප්තැම්බර් 14 වන දින හෝ ඊට පෙර අදාළ තේරීම් භාර නිලධාරී, දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස් වෙත ඉදිරිපත් කළ යුතුයි.

අයදුම් පත්‍රය ඉදිරිපත් කරන තැනැත්තා තමාට පොදු වාහනයකින් හෝ පයින් ඡන්ද පොළට යාම් ඒම් කිරීමට නොහැකි බව තහවුරු කරමින් ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක් මගින් සිය අයදුම් පත සනාථ කරන්නේ නම්, එය තේරීම් භාර නිලධාරියාට පහසුවක් වනු ඇති බවයි එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් චලනාබාධිත සහ දෘෂ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් නිකුත් කර ඇති වසර 10ක් වලංගු තාවකාලික හැඳුනුම් පත් ඇති පුද්ගලයන් වෛද්‍ය සහතිකය ලබාගැනීම අවශ්‍ය නොවනු ඇති බවයි එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

WhatsApp Image 2024 08 27 at 11.36.01 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?