මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

යම් කිසි කායික දුබලතාවයක් හේතුවෙන් ඡන්ද පොළට ගමන් කිරීමට නොහැකි නම් ඡන්ද පොළට යාම සහ ඒම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ, සඳහා ස්වකීය ඡන්ද විමසීම් ප්‍රදේශයේ තේරීම් භාර නිලධරයා වෙත තමා විසින් හෝ එසේ නොමැති නම් අපේක්ෂ්කයෙකු, ඡන්ද නියෝජිතයෙකු, බලය ලත් නියෝජිතයෙකු හෝ ප්‍රාදේශීය නොවන වෙනත් අයෙකු විසින් ඉල්ලුම් පත්‍රයක් දිරිපත් කළ හැකි බවයි එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

මේ සඳහා වූ අයදුම් පත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්‍යාලයෙන් හෝ www.election.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

සම්පූර්ණ කරන ලද අයදුම් පත ඡන්ද විමසීම් දිනයට දින හතකට පෙර එනම්, 2024 සැප්තැම්බර් 14 වන දින හෝ ඊට පෙර අදාළ තේරීම් භාර නිලධාරී, දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස් වෙත ඉදිරිපත් කළ යුතුයි.

අයදුම් පත්‍රය ඉදිරිපත් කරන තැනැත්තා තමාට පොදු වාහනයකින් හෝ පයින් ඡන්ද පොළට යාම් ඒම් කිරීමට නොහැකි බව තහවුරු කරමින් ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක් මගින් සිය අයදුම් පත සනාථ කරන්නේ නම්, එය තේරීම් භාර නිලධාරියාට පහසුවක් වනු ඇති බවයි එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් චලනාබාධිත සහ දෘෂ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් නිකුත් කර ඇති වසර 10ක් වලංගු තාවකාලික හැඳුනුම් පත් ඇති පුද්ගලයන් වෛද්‍ය සහතිකය ලබාගැනීම අවශ්‍ය නොවනු ඇති බවයි එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

WhatsApp Image 2024 08 27 at 11.36.01 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15