මැතිවරණය සම්බන්ධ අවසන් තීරණය කොමිසම සතුයි – හැබැයි රජයේ සේවකයගේ පඩියටවත් සමෘද්ධියටවත් සල්ලිත් නෑ

මැතිවරණය සම්බන්ධ අවසන් තීරණය මැතිවරණ කොමිසම සතු බවත්, රටේ ප්‍රධාන අවශ්‍යතාව මැතිවරණය නම්, සමෘද්ධියට දීමට ඇති මුදලින් වියදම් කර හෝ මැතිවරණය පැවැත්වීමට සූදානම් බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

මාධ්‍ය හමුවකට යාපනයේ දී එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ.

“මැතිවරණයේ දින තීරණය කිරීම, මැතිවරණය පැවැත්වීම, මැතිවරණයට මුදල් හොයා ගැනීම, මැතිවරණය මොන ක්‍රමයට පවත්වනවා ද යනාදී සියල්ල මැතිවරණ කොමිසමට අයත් දේවල්. මැතිවරණ කොමිසම මැතිවරණය තියන්න කියපු දවසක අපි මැතිවරණය තියන්න සූදානම්.

මේ වෙලාවේ ආණ්ඩුවේ සේවකයන්ට පඩි දෙන්නත් සල්ලි මදි. සමෘද්ධි සහනාධාරය දෙන්නත් සල්ලි මදි. දරුවන්ට පාසල් නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි ගන්න, පොත් ටික ගන්න සල්ලි මදි. අත්‍යවශ්‍ය සේවාවක් වන දුම්රිය සේවයට බොහෝ දෙනෙක් බඳවා ගන්න තිබුණත් ඒකටත් සල්ලි නෑ. කැඩිලා තියෙන ගොඩාක් පාරවල් හදාගන්න සල්ලි නෑ. ඒ වගේ ම මේ වෙලාවේ දැවෙන අවශ්‍යතා ගොඩක් තියෙනවා.

කවුරු හරි ඡන්දයක් ඉල්ලනවා නම්, ප්‍රධාන අවශ්‍යතාව ඒක නම්, සමෘද්ධියට දෙන්න, මිනිස්සුන්ට කන්න දෙන්න තියෙන සියලු ම මුදල් මැතිවරණය වෙනුවෙන් වියදම් කරලා ඡන්දයක් තියමු.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58