කොමිසමට ආ පැමිණිලි ගැන නිවේදනයක් – බොහෝ පැමිණිලි විසඳා අවසන් (නිවේදනය)

ගෙවුණු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ (13) පස්වරු 4.30 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව පිළිබඳ ව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගෙවුණු කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 250ක් වාර්තා වී තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්.

දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී ඇති අතර නීති උල්ලංඝනය කිරීම් 212ක් ඇතුළු මුළු පැමිණිලි 213 ලැබී ඇති බවයි.

ඒ අනුව ගෙවුණු පැය 24ක කාලය තුළ දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සමගින් මුළු පැමිණිලි 463ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර මැතිවරණය ප්‍රකාශයට පත් කළ සැප්තැම්බර් මස 26 වැනි දින සිට නොවැම්බර් මස 13 වැනි දින තෙක් දිවයින පුරා ප්‍රචණ්ඩ ක්‍රියා 23ක්, නීති උල්ලංඝනය කිරීම් 3764ක්, වෙනත් පැමිණිලි 35ක් සමගින් මුළු පැමිණිලි සංඛ්‍යාව 3822ක් ලැබී ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිට ලැබුණු පැමිණිලිවලින් ඊයේ (13) දිනය තෙක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලි 1206න් 659 විසඳා අවසන් බවත් තවදුරටත් විසඳීමට ලක් කරමින් පැමිණිලි 547ක් පවතින බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34