මැතිවරණය ගැන සමාජ මාධ්‍යයේ පැතිරෙන අසත්‍ය ප්‍රචාර ගැන සොයන්න කමිටුවක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර විමර්ශනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයින් සම්බන්ධ ඕනෑම අසත්‍ය ප්‍රචාර හෝ නොමඟ යවන ප්‍රකාශ සඳහා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික ටෝක් වැනි සමාජ මාධ්‍ය වේදිකා නිරීක්ෂණය කරන නිලධාරීන් පස්දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වනවා.

මෙම සමාජ මාධ්‍ය වේදිකාවලින් එවැනි පළ කිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බරපතළ නීති කඩකිරීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා ලබා දී තිබූ කාලය හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

කෙසේ වෙතත් එක් එක් පක්ෂ විසින් පිහිටුවා ඇති පක්ෂ කාර්යාල ඉවත්කර ගැනීමට සඳහා 12 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?