මැතිවරණයත් සමඟ ඇමරිකාව ශ්‍රී ලංකාවේ සංචාරක උපදේශන යාවත්කාලීන කරයි

සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණයත් සමඟ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශන යාවත්කාලීන කර තිබෙනවා.

ඒ, අනුව රට තුළ සිවිල් නොසන්සුන්තාවයේ සහ ත්‍රස්තවාදයේ වැඩි අවදානමක් පවතින බව සඳහන් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ට ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.

එමෙන්ම මැතිවරණයට පෙර, අතරතුර හෝ පසුව විරෝධතා, පෙළපාලි ඇතිවිය හැකි බැවින් ඇතැම් අවස්ථාවල එවැනි රැස්වීම් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රචණ්ඩකාරී විය හැකි බවයි පේනවා දෙන්නේ.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව එරටින් පැමිණෙන සංචාරකයින්ට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව සාමකාමී රැස්වීම්වලින් පවා වැළකී සිටින ලෙස මෙරට සංචාරයේ නිරතවන එක්සත් ජනපද පුරවැසියන්ට නිකුත් කළ නව උපදේශන මාලාවේ දැක්වෙනවා.

දුරස්ථ ප්‍රදේශවල සිටින එක්සත් ජනපද පුරවැසියන්ට හදිසි සේවා සැපයීමට එක්සත් ජනපද රජයට සීමිත හැකියාවක් පවතින බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

ශ්‍රී ලංකාවට යාමට තීරණය කරන්නේ නම් සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථාන වෙත ගමන් කරන විට වටපිටාව ගැන අවධානයෙන් සිටින ලෙසට ද මෙමඟින් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම පළාත් පාලන ආයතනවල උපදෙස් අනුගමනය කරන ලෙසත්, ප්‍රාදේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන්න ලෙසත්, නව තොරතුරු මත පදනම්ව සංචාරක සැලසුම් සකස් කරන ලෙසටත් දැනුම් දෙනවා.

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15