මැතිවරණයට මුදල් ඉල්ලූ ලිපිය මුදල් ඇමතිට

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයෙන් පසුගියදා කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශව කිහිපයක් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුවයි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

මුදල් නොමැතිකම සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් මැතිවරණය කල් දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශ කළා.

ඒ අනුව පෙරේදා (10) නව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරමින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද අතර එම ගැසට් පත්‍රයට අනුව පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව, ඡන්ද පත්‍රිකා සහ මැතිවරණයට අදාළ ද්‍රව්‍ය මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.

මුද්‍රණ ක්‍රියාවලියේදී අමතර පොලිස් ආරක්ෂාවක් ද දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලබන සතිය තුළ රුපියල් මිලියන 100 ක මුදලක් නොලැබෙන්නේ නම් අප්‍රේල් 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති නිමල් ජී. පුංචිහේවා ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදුකිරීමට අවම වශයෙන් එම මුදල අවශ්‍ය වන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති සමස්ථ මුදල රුපියල් මිලියන 1,100 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?