මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවන චක්‍රලේඛය නිකුත් වේ

2023 පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදී ඇති රාජ්‍ය නිලධාරීන් වෙත වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අසෝකගේ අත්සනින් යුතුවයි එම චක්‍රලේඛය නිකුත්කර ඇත්තේ.

මාර්තු මස 09 වනදා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා කාලය සඳහා අදාළ නිලධාරියාට හිමි මූලික වැටුප ගෙවිය යුතු බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

පසුගිය 03 වනදා පැවති අමාත්‍යමණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබුණා.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?