Empty Ad
AFC Banner
Empty Ad

මැතිවරණයට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි කොමිසම අධිකරණයට දන්වයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ දක්වා ගෙන තිබෙන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ.

මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෛ රාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කරුට අවසර ලබාදුන් ශේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස නියම කළා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිමක් නොකරන බව දන්වා ඇති බවයි.

ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන්ට පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා.

මේ අතර අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ නීතිඥ සුනිල් වටගල, එරංග ගුණසේකර, පැෆරල් සංවිධානය ඇතුළු පාර්ශව කීපයක් වෙනුවෙන් ද නීතිඥවරු පෙනී සිට තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටියේ වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බවයි.

එබැවින් එම මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50

?