AFC Banner
Empty Ad
Empty Ad

‘මැණිකේ මම කතා කරන්නේ’ මියගිය සැමියා වසරකට පසු බිරිඳට දුරකතන ඇමතුමක් ලබාදිලා

මියගිය සැමියාගෙන් දුරකතන ඇමතුමක් ලැබීමේ හේතුවෙන් වික්ෂිප්ත වූ බිරියක පැමිණිල්ලක් කරන්නට පොලිසි ගිය සිද්ධියක් පිළිබඳව පසුගියදා විය.වසර ගණනක් ආදරයෙන් බැඳී සිටි යුවළක් වන  මේ යුවළට දරුන් නොමැති අතර දරු මල්ලන් නැතත් මේ යුවළ ඥාති දරුවන් කෙරේ දැක්වූයේ මහත් ඇල්මකි.

වසරකට පමණ ඉහතදී සැමියා මියගියේ හදිසියේමය. සැමියාගේ මරණය බිරියට මහත් ශෝකය දනවන කරුණක් වූ අතර  අසල්වාසී නෑදෑ හිතවතුන්ගේ එකතුවෙන් යුතුව සැමියාගේ අවසන් කටයුතු කෙරිණි.හත්දින මෙන්ම තෙමස් දානයේ කටයුතු ද මහ හරසරින් සිදු කරනු ලැබුයේ බිරිය සැමියාගේ ගුණ ගයමිනි.

ඔහුට වැඩි ළෙන්ගතුව සිටි දරුවකුට ඔවුන්ගේ දේපළෙන් වැඩි කොටසක් දෙන බව කලින් කියා තිබූ නිසා ඒ දරුවා සිටියේ මහත් බලාපොරොත්තු ඇතිවය. තෙමස් දානයෙන් පසු තවත් පවුලක දරු මල්ලන් මේ කාන්තාවගේ සියලු ඕනෑ එපාකම් සොයා බලන්නට වූයේ කිසියම් සිතිවිල්ලක් ඇතිවය. මාස දෙක තුනක් යද්දී ඇගේ දේපළ මේ පවුලේ අය අතට පත් කරගන්නට හැකිවූයේ ඒ නිසාය.

කොරෝනා වසංගතය නිසා සැමියාගේ ම’රණයෙන් වසර පිරීමේ දානයේ කටයුතුවලට බාධාවක් වූයේය. ඒ නිසාම බිරිය දානය පන්සලට ගොස් පූජා කරනු ලැබුවේ සිතේ සතුටින් නොවීය. සැමියාගේ දානය හරසරින් යුතුව කරන්නට නොලැබීම ගැන බිරිය සිටියේ මහත් සිත් වේදනාවෙනි. මේ අතර දිනක ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය.

‘මැණිකේ මම කතා කරන්නේ’ පිරිමි කටහඬක් ඇසිණි. ‘කවුද’ ඇය ඇසුවාය. ‘අනේ මම මේ’ කියා පිරිමි කටහඬ ළයාන්විතව සැමියාගේ නම සඳහන් කිරීමත් සමග බිරියට සිහි එළවා ගන්නට බැරි වූවාය. ‘ඇයි අනේ පොරොන්දුව කඩලා ඉඩකඩම් වෙන කාටවත් දුන්නේ’ සැමියා විමසීය. ඒ සමගම ඇමතුම විසන්ධි විය.

‘අනේ මගේ මහත්තයා මට කතා කළා.’ ඇය අසල්වැසි සියල්ලටම කීවාය.මැරුණු අය කෝල් කරන්නේ කෙසේද කියා අසල නිවසක පුංචි පුතකු පැවසීමත් සමග ඇගේ සිහි කල්පනාව ආවේය. මෙය කවුරුන් හෝ කළ සරදමක් බව පසුව තේරුම් ගියේය.

ඇය ඉක්මනින්ම ඇඳ පැලඳ ගත්තාය. කුලී රියක් කතා කරගෙන පොලිසියට ගියාය. තමන්ගේ මියගිය සැමියා කතා කළ අංකය ද ඉදිරිපත් කළාය.කිසිවකුගේ සරදමක් බව තේරුම් ගත් පොලිසිය ඇයට කරුණු කාරණා කියාදී ගෙදර එව්වේය. පසුව ආරංචි වූයේ පළමුවෙන් දේපළ දෙන බවට කියා සිටි පුතා මේ සරදම කර ඇති බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?