Empty Ad
Empty Ad
AFC Banner

මා රෝගී වී, එක්තැන් වී සිටින බව කීම මඩ ගැහිල්ලක්.. ශ්‍රී උදාර යෝගීතුමා

ඓතිහාසික කැලණි පුරවරය හා සම්බන්ධ ඉපැරැණි මූලාශ්‍ර බොහෝය. විජයාගමනයට පෙර කැලණිය ගැන සඳහන් වී ඇත්තේ බුදුන්ගේ ලංකාගමනය පිළිබඳ තොරතුරු හෙළිකෙරෙන ආකාරය දීපවංසය හා මහාවංසය වැනි ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් තොරතුරුවලට අනුව බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි මාසයේ නාග ගෝත්‍රික චූලෝදර හා මහෝදර දෙසොහොයුරන් අතර නාගයන්ගේ මිණි පළඟ හේතුකොටගෙන හටගත් යුද්ධය නැවැත්වීමට නාගදීපයට වැඩම කර ඇත.

ඒ අවස්ථාවේදී මහෝදර නාරජුගේ මලණුවන් වූ කැලණියේ මණිඅක්ඛිත නාරජු බුදුන්ගේ ධර්ම දේශනාව අසා බුදුන් සරණ ගිය බවත්, බුදුන්වහන්සේ මණිඅක්ඛිත නාරජු මුණ ගැසුණු බවත් මහාවංසය විස්තර කෙරෙයි. බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි බුදුන් වහන්සේ පන්සියයක් රහතුන් වහන්සේ කැටුව මණිඅක්ඛිත නාරජුන්ගේ කැලණි රාජධානියට වැඩම කරකැලණි සෑය පිහිටි තන්හි කරවන ලද රන් මණ්ඩපයක වැඩ හිඳ නාරජු ප්‍රමුඛ දෙව් මිනිසුන්ට ධර්ම දේශනා කළ බවද මහාවංසයේ පළමුවැනි පරිච්ඡේදයේ සඳහන් වේ.

ඉන් ගම්‍ය වන්නේ ඓතිහාසික කැලණිය නාග ගෝත්‍රික ජනාවාසයක් ලෙස වසර දහස් ගණනක ඉතිහාසයකට හිමිකම් කියන බවය. කැලණි පුරවරයේ මුදුන් මල්කඩ සේ සැලකෙන කැලණි රජමහ විහාරය ඓතිහාසික රාජධානි සමයේ පටන් වර්තමානය දක්වාම ලෝවැසි බොදු දනන්ගේ පූජනීයත්වයට බඳුන් වන්නේය. කැලණි රජමහ විහාරයෙහි වමාන විහාරාධිපති ධුරය දරනුයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ය.

කැලණි මහ වෙහෙරට නාග ලෝකයෙන් සර්වඥධාතුන් වහන්සේලා වැඩමකළ ප්‍රවෘත්තියෙන් 2019 නොවැම්බරයේ රට තුළ මහත් ආන්දෝලනයක් හට ගත්තේය. එමඟින් බෞද්ධ බැතිමතුන් මහත් භක්ති ප්‍රමෝදයට පත්වූ අතර ඇතැම් පිරිස් එය උපහාසයට ලක්කොදේශපාලන අරමුණු සාක්ෂාත් කර ගන්නට වෑයම් කරන බව පෙනිණි.

ඒ අතරම මෙම සිදුවීම සම්බන්ධව යථාවාදී තථාකාරීව සත්‍යය සොයන මැදහත් පිරිසක්ද සිටියහ. කෙසේ වුවද කැලණි මහ වෙහෙරෙහි අභිනවයෙන් ඉදිකෙරුණු නාග දේවාලයේ පූජාව පවත්වන සෑම මාසයකම ප්‍රථම සෙනසුරාදා දිනයෙහි දස දහස් සංඛ්‍යාත බැතිමතුන් නාග වන්දනාවට පැමිණෙන බවද අසන්නට ලැබිණි.

මේ වනවිට අදාළ සිදුවීමට වසර දෙකකට වැඩි කාලයක් ගතවී තිබේ. නා ලොවින් ධාතුන් වහන්සේ වැඩම වීම පාදක කරගනිමින් මහ සංඝරත්නයට සහ නාග දේවාලයේ යෝගී තුමාට අපහාස කිරීම් අඩුවී නැත.

පසුගිය දිනයන්හිදී එම යෝගීතුමා පිලියක් අසල හඬාවැටෙමින් සමාව අයඳින වීඩියෝ පටයක්ද, ඔහු අසනීප වී සිටින ජායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණි. සමහරු පවසා තිබුනේ ඔහුට කලකම් පලදී ඇති බවයි. කෙසේ නමුත් මේ පිළිබඳව අප ඔහුගෙන් විමසා සිටියා. මේ ඔහු දැක්වූ අදහස්,

“ඔබ දකින්න ඇති මා පිළිබඳව සමාජ මාධ්‍යවල ෆේස්බුක් ආදියේ නොයෙකුත් වැරදි ප්‍රචාර යනවා. මා රෝගී බව, කොර වී එතැන් වී සිටින බව ඔවුන් කියනවා. එය වැරැදි මඩ ගැසීමක්. මම ඉතාමත් නිරෝගීව පසුවන බව ඔබට පෙනෙනවා ඇති. මට කිසිදු ආබාධයක් නැහැ. දැනට වසර පහක සිට මේ ස්ථානයේ නාග විමන් පූජා පවත්වන් මගේ මෙහෙයවීමෙන්, අපි මේ ස්ථානයේ නානුමුර පූජා පවත්වනවා.මට දිවැස් බලයක් තියෙනවා.

ඕනම කෙනකුගේ විස්තරයක් කියන්න පුළුවන්. නාග දිව්‍ය රාජයා සමඟ ලොකු සම්බන්ධතාවක්මට තියෙනවා. මේක මගෙ සංසාරගත පුරුද්දක්. මම ඉපදුම යම් කිසි ආධ්‍යාත්මික බලයක් සහිතව. මේ පූජා සිදුකරද්දි මම නිතර මණිඅක්ඛිත නාරජ්ජුරුවන් සමඟ සම්බන්ධ වෙනවා. උන්වහන්සේ මට පැවැසුවා නාග ලෝකයේ තිබෙන නිර්මල සර්වඥ ධාතුන් වහස්ලාගෙන් කිහිප නමක් කැලණි විහාරයට ලබා දෙන බව. මම ඒක නායක හාමුදුරුවන්ටත් දැනුම් දුන්නා.

ඒ අනුව අපි විහාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක් සකස් කර අපේක්ෂාවෙන් සිටියා. නමුත් විවිධ බලවේග නිසා අපට නාග ලෝකයෙන් ලැබුණු දින වෙනස් වුණා. දැන් රුවන්වැලි මහා සෑය ආරක්ෂා කරන්නේ මහා කාල නාරජු. සෝමාවතී චෛත්‍යය ආරක්ෂා කරන්නේ ජය නාරජු. සේරුවාවිල මංගල සෑය ආරක්ෂා කරන සුමන නාරජු කැලණි මහ වෙහෙර රකින්නෙ මණිඅක්ඛිත නාරජු, මිථ්‍යාදෘෂ්ටිත නාගයන් මේක වැළැක්වූවා. මම නාග ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර අතරමැදියෙක්. මම කරන්නෙ ලෝක දෙක අතර පණිවුඩ හුවමාරු කිරීම.

සර්වඥ ධාතුන් වහන්සේලා අපට ලබාදෙන බවට ස්ථිර දැනුම්දීමක් ලැබුණේ 2019 නොවැම්බර් 9 දිනට අදාළවයි. ඒ සඳහා කැලණි නදියේ විශේෂ ස්ථානයක් සඳහන් කළා. මට පීනන්න බැහැ. නමුත් මණිඅක්ඛිත නාරජුකීවා කිසිදේකට බය වෙන්න එපා. ආරක්ෂා කරනවා කියලා. මට උන්වහන්සේ ගැන විශ්වාසය තිබුණා. මම කරඬුව ගන්න ගියා. අපි පූජා පවත්වා 9 වැනිදා රාත්‍රි 9.30ට විතර ගඟට ගියා. අප සමඟ 50ක් 60ක් විතර හිටියා.

මගේ ආරක්ෂාවට තොටුපොළ භාරව සිටින ගයාන් මහතා සම්බන්ධ කර දුන්නේ කැලණිය පොලිසියේ ස්ථානාධිපතිතුමා. අප යන විටත් ඔහු එතැන සිටියා. එයත් අහඹු සිදුවීමක්. මගේ අතේ නාග වළලු දෙකත් ඒදෙක තොටුපොළේ සිටි දෙදෙනාට පැලඳුවා, මට භාවනා කිරීමෙන් කුණ්ඩලිනි ශක්තිය ලැබෙනවා. මට සූක්ෂ්ම ශක්තියෙන් සිරුරෙන් බැහැර වෙන්න පුළුවන්. මනෝකාය එළියට ගන්න පුළුවන්. නමුත් ශරීරය සිහින් හුයකින් බැඳී පවතිනවා.

මම මනෝකායෙන්න්නාග ලෝක්කට ගියා. මණිඅක්ඛිත නාරජු 30,000ක්නාගයන් පිරිවරාගෙන හිටියේ. විශාල නාගයෙක් අපේ ආරක්ෂාවට එවල හිටිය. ඒනයාගෙ වල්ග කොටස ගඟ මැද ගලේ ඉද්දී ගයාන්ගේ කකුලෙ වැදිලා කෙණ්ඩ පෙරළුණා. මෙතුමා මාව අල්ලගෙන හිටියා. වතුර ඇතුළට ගියාම නාග ලෝකෙ දාරටුව හමුවුණා.⁣ දොරටුව භාරව හිටියේ රංවල දෙවියෝ. උන් වහන්සේ මට .දාරටුව ඇරලා දුන්නා. ඒක නීල මාණික්‍යයෙන් කරපු විමානයක්.

සූක්ෂ්ම කායෙන් යන නිසා හුස්ම ගන්න අපහසුවන්නැහැ. රත්රන් කණුවල එතුණු මැණික් කටින් ගත් නාගයන් ඉන්න මාවතක් තිබුණා. නාග කන්‍යාවන් වීණා වයමින් දෙපැත්තේ ඉන්නවා මම දැක්කා. ඉදිරියට යනකොට නීල මාණික්කයෙන් කරපු විශාල කරඬුවක් තිබුණා. එතැන සුදු සළු පැලදිනාග පෙණ පහක ඔටුන්නක් පැලඳි කෙනෙක් හිටියා. එතුමා හැරිලා මා දිහා බැලුවා.

ඇස්වලින් විදුලි පන්දමකින් වාගේ ආලෝක ධාරා නිකුත් වුණා, මම උන්වහන්සේස්ටවඳින්න හදන කොට`උඩටයන්න දරුවා” කිව්වා. මම උඩට එද්දි වතුර මට්ටම ඉහළ නැඟලා. මම කීව වඳීන්න පටන් ගනීවි කියලා. ඒ සමඟම අකුණු ගගඟ වහින්න ගත්තා. ඒ වෙලාවේ අපි තුන්දෙනාම එක කටට ගන්න පුළුවන් තරමේ රිදීපාට නාගයෙක් මතුවුණා. ඒක මුලින්ම දැක්ක තොටුපොළේ ගයාගෙ ගෝලයා. ඒ සමඟ විශාල සුළියක් සමඟ ඇවිත් කරඬුව මගෙ අතට දීනොපෙනී ගියා. දැල්වෙලාව රෑ 12.00යි. මම කරඬුව මේ අයිය අතට දීලා සූක්ම කයින් ඉවත් වුණා.

අපි කරඬුවට පූජා පවත්වද්දී මිථ්‍යාදෘෂ්ටික නාගයෝ මතුවුණා 20ක්තිහක්. අපි බෝතලයක් විසි කළාම ඒ විශාල නාගයෙක් සිහින් වෙලා. ඒතුළට ඇතුළු වුණා. එපමණයි වුණේ. පසුව ඒ නාගයාත් වතුරට දැම්මා. ඒකරඬුව දැතැත්පත් කර තියෙනවා.

ඒක චීනෙන් ගෙන්නුවා කියලා තමයි මඩ ගහන්නේ. ඔබතුමාට ඒක බලන්න පුළුවන්. මේක ශාසනික දෙයක්. මෙතැන කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මේක මණිඅක්ඛිත නාරජුගේ පණිවුඩය මත සිදුවීමක් පමණයි. මම ශාරීරිකව හොඳින් ඉන්නවා, වැරැදි මත දක්වන අයට ඉදිරියේ නාග ශාපය හිමිවේවි.

මේ සම්බන්ධ අපගේ පෙර පුවත – කැලණියේ නයාගෙන් ධාතු ගත් තැනැත්තා බුදු පිළිමයක් අසල සමාව ඉල්ලා හඩා වැටෙයි

– ඉරිදා මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතය වෙනස් කරන සුපිරි උපදෙසක් මෙන්න
07:05
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නිකම් කෑම නෑ - ජනපති තවත් ප්‍රබල තීන්දුවක් ගනියි
40:28
Video thumbnail
සජිත් ප්‍රේමදාස මාලිමාවට අමතයි
05:03
Video thumbnail
ජනපති අනුර කාලෙකට පස්සේ කරපු සැර කතාව
10:05
Video thumbnail
ඇමති නලින්ද ජනපති ළඟ තියාගෙන කරපු සුපිරි කතාව
06:49
Video thumbnail
හෙට අපි කොළඹ කොටුව වටලනවා - ගුරු පත්වීම් ඉල්ලන සංවර්ධන නිලධාරීන් පොලිසියට සහ ආණ්ඩුවට දැනුම් දෙයි
15:38
Video thumbnail
කනදරාව,ගලේ විහාරයේදී ගංවතුරට හසු වූ හිමිවරුන් දෙනමක් බේරාගනී
02:37
Video thumbnail
බහිරවයා ගිලිනවා වගේ රජයේ ඉඩම් කොල්ලකන සාධුගේ පැටිකිරිය මෙන්න - ජනපතිත් නිහඬයි
12:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී වාහනයක් ඉල්ලලා මාධ්‍යට එයි
04:07
Video thumbnail
ජනපති අනුර මහින්දව ඉවර කරයි - කරපු සම්පූර්ණ කතාව මෙන්න
43:01

?