මා ඔයේ ගිලී තරුණයින් දෙදෙනෙකු මරුට

මාවනැල්ල, බෝවැල්ල ප්‍රදේශයෙන් මා ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑමට ගොස් ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.

මිය ගිය දෙදෙනා 24 වියේ පසුවන තරුණයින්.

මා ඔයේ ඉහළ පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇඳහැලෙන වර්ෂාව හේතුවෙන් එහි ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර දිය නෑමේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?